(අංජුල මහික වීරරත්න)
පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇත.
මෙම ඒකකය ඇමතීමට විශේෂ දුරකථන අංක ද හඳුන්වා දී තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මෙි වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර් යාලය සඳහන් කරයි.
ලෝක ආහාර වැඩසටහන යටතේ ද ආධාර ලබාදීමට නිර්ණායක නිකුත් කර ඇතැයි කියන ජනාධිපති කාර්යාලය සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර් නායක ලෙස හඳුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ භාගයක්ම ඒවි ආහාර ඉල්ලගෙන.
මේ වැඩසටහන යටතේ කොහොමද හිඟන්නෝ ඉන්නේ? කරුණාකර සියලුම හිඟන්නන් ජනාධිපති කාර්යාලය වෙත යා යුතුයි.
මම ඔය අංක දෙකටම කතාකළා. ප්‍රතිචාරයක් නැත. මේවා කටින් බතල හිටවන වැඩ...
අර ටවුන් හෝල් එක ඉස්සරහ හදපු රෝසිගේ එළවලු පාත්තියෙන් බැරිවෙයිද?