IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කන්න නැති අයට කන්න දෙන්න ජනපති කාර් යාලයෙන් අලුත් වැඩක්

(අංජුල මහික වීරරත්න)

පාසල් සිසු සිසුවියන් ඇතුළු ඕනෑම ශ්‍රී ලාංකිකයකු ආහාර අහේනියකින් සිටී නම් ඒ ගැන සොයා බලා සහන සැලසීමට ජනාධිපති කාර්යාලයේ  ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම ඒකකය පිහිටුවා ඇත.

මෙම ඒකකය ඇමතීමට විශේෂ දුරකථන අංක ද හඳුන්වා දී තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මෙි වැඩසටහන  ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර් යාලය සඳහන් කරයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ ද ආධාර ලබාදීමට නිර්ණායක නිකුත් කර ඇතැයි කියන ජනාධිපති කාර්යාලය සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර් නායක  ලෙස හඳුනාගෙන තිබේ.



අදහස් (4)

කන්න නැති අයට කන්න දෙන්න ජනපති කාර් යාලයෙන් අලුත් වැඩක්

de silva Thursday, 22 September 2022 07:16 PM

ලංකාවේ භාගයක්ම ඒවි ආහාර ඉල්ලගෙන.

:       0       0

pakeer Thursday, 22 September 2022 11:03 PM

මේ වැඩසටහන යටතේ කොහොමද හිඟන්නෝ ඉන්නේ? කරුණාකර සියලුම හිඟන්නන් ජනාධිපති කාර්යාලය වෙත යා යුතුයි.

:       1       1

Perera Friday, 23 September 2022 12:14 AM

මම ඔය අංක දෙකටම කතාකළා. ප්‍රතිචාරයක් නැත. මේවා කටින් බතල හිටවන වැඩ...

:       2       0

podi mole Friday, 23 September 2022 07:10 AM

අර ටවුන් හෝල් එක ඉස්සරහ හදපු රෝසිගේ එළවලු පාත්තියෙන් බැරිවෙයිද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site