(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
‘ද නිව්ස්පේපර්‘ චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය රුසියාවේදී ලබාගත්තේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෙයින් උත්සවයේ සංවිධායකයන් සහ රුසියානු ජනතාව ඔහු නළුවාගේ තාත්තා යැයි සිතන්නට ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.
එම සම්මාන උළෙලට සහභාගිවීමට කුමාර තිරිමාදුර , සරත් කොතලාවල රංගන ශිල්පීන්ට නොහැකි වූයේ ගුවන් ටිකට් ලබා ගැනීමේ ගැටලුවක් නිසා බවද ඔහු සඳහන් කළේය.
ප්‍රේමරත්න මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
උද්දික ප්‍රේමරත්න මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
‘‘චිත්‍රපටයේ ආදායම ලෙස කුමාර තිරිමාදුර මහතා රුපියල් හතළිස් ලක්ෂයක් චිත්‍රපටයේ නිෂ්පාදක වන බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාට ලබාදී තිබෙනවා. අවම වශයෙන් එම මුදලින් හෝ කුමාර තිරිමාදුරට සහ සරත් කොතලාවලට ටිකට් පත් දෙකක් අරගෙන දීමට ඇමැතිවරයා කාරුණික වුණේ නැහැ. හොඳම නළුවාට හිමි සම්මානය ගන්න රුසියාවට ගියේ ඇමැතිවරයා විතරයි. සංවිධායකයන් හිතන්න ඇති මේ එන්නේ නළුවන්ගෙ තාත්තා කියලා. ඔන්න ඔහොමයි වෙච්ච දේ.
මට මේ ගැන කරන්න තිබෙන හොඳම පැහැදිලි කිරීම තමයි ‘සොර දෙටුවෙක්" ගීතය. දංගෙඩියට ගෙන යන සොරා දංගෙඩියටත් ඇලුම් කළා කියලා ඉන් කියැවෙනවා. අපේ රටේ ඇමැතිවරුත් එහෙමයි. අනෙකාගේ සතුට දැකලා සතුට වෙන්න ඒ අය කැමති නැහැ. සම්මානය රැගෙන ආ ඇමැතිවරයා පිළිගන්න කුමාර තිරිමාදුරයි සරත් කොතලාවලයි ගුවන් තොටුපොළට ගියා. විය යුතුව තිබුණේ අනෙක් පැත්ත. සම්මානය අතැතිව සිටින ඇමැතිවරයාත් ඒ සම්මානය දෙස බලා සිටින නළුවන් දෙදෙනාගේත් ඡායාරූප පස්සේ පත්තර වල පළ වුණා . මෙරටට පැමිණි පසුවත් නියම හිමිකරුවන්ට සම්මානය ලබා දීමට ඇමැතිවරයාට හදිසියක් තිබුණේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවෙ කට්ටියව ජනතාවට අප්පිරියා වෙන එක පුදුමයක්ද? මෙයාලා දිව්‍යලෝකයටත් ටිකට් අරන් වගේ පව් පිංවල වගේ වගක් නැති අධමයන්.
ඔවැනිම දෙයක් වෙලා තියෙනවා මහගමසේකරයන්ට. තුන්මන් හන්දිය චිත්‍රපටයට ලැබුණු ජාත්‍යන්තර සම්මානේ ගන්න එතුමාට යන්න දීලා නැහැ. ගිහින් තිබුනේ එකල රජයේ හිටපු කෙරුමෙක්. අන්තිමේදී මිනිහා ඒක තමන්ගේ ගෙදර අරන් ගිහින් ගෙදර අලංකාරයට තියා ගත්තලු. මහගම සේකරගෙන් මේ සිද්දිය ඇහුවාම මහා හයියෙන් හිනා වුනාලු. ඒ නිසා ඔය සම්මානෙත් බන්දුලට ගෙදර විසිතුරු භාණ්ඩයක් විදියට තියා ගන්න කියන්න ගෙදරට එන අයට පෙන්නන්න. ඔන්න ඕකට තමයි කියන්නේ කොච්චර වයසට ගිහින් ඉහ නිකට පැහුනත් සත්‍ය වශයෙන්ම මේ මිනිස්සු බුද්ධියෙන් පරිනත නැහැ. තන්හාවෙන් හැම දේම බදා ගන්නවා මිසක් අත් හරින්න කවදාවත් සුදානමක් නැහැ කියලා.
හැමදාම හොඳට රඟපාමින් ඡන්ද දායකයෝ මුලා කරමින් හොඳට ගරා ගන්න මට වැඩිය මේ මේ නළුවා හොඳ වෙන්නේ කොහොමද කියලා බන්දුල කල්පනා කරනවා ඇති.
මොන දේශපාලන පක්ෂයේ උන්නත් අති දක්ෂ ප්‍රවීණ රංගන වේදියෙක් විදියට අපි උද්දිකට කැමතියි. දූෂිත බලලෝභී දේශපාලුවන් කොහොමටත් අනුන්ගේ පානෙන් එළිය බලන්න කැමැති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ඡන්ද දායකයන් රැවටීම වෙනුවෙන් වෙනම විශේෂ සම්මානයක් බන්දුලට දිය යුතුයි.
චිත්‍රපටියක අයිතිය තියෙන්නේ නිෂ්පාදකවරයාට මිසක් නළු නිළියන්ට හෝ අධ්‍යක්ෂකට නෙමෙයි. ටිකට්ස් පිළිබඳ ප්‍රශ්නය වෙනම එකක්...!
බන්දුල ඔය චිත්‍රපටිය නිෂ්පාදනය නොකළා නම් ඔය කතාවට සම්මාන ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔය සම්මානය බන්දුලටත් අයිතියි. ඔහු නළුවන්ට රඟපෑවාට අදාළ මුදල් ගෙවලා ඇති...
සම්මානේ ලැබුණේ නළුවන්ට නම් නිෂ්පාදකට මොකක්ද තියෙන අයිතිය...?