IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුමින්දගේ නිදහසට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි

(නිමන්ති රණසිංහ)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබියදී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය ලබන නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනුකර ඇති මෙම පෙත්සම් එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවිණි.

මීට පෙර නඩු වාරයකදී දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබු ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීම වළකාලමින් අධිකරණය මගින් අතුරු නියෝගයක් ද නිකුත් කර ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කරනු ලැබූ අතර පෙත්සම් විභාගය පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වර්ෂයේ ජූලි මස 20 වැනිදාය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාත්, අධිකරණ අමාත්‍යවරයා, ආර්. දුමින්ද සිල්වා මහතා සහ නීතිපතිවරයා නම්කර ඇත.

මහාධිකරණ ත‍්‍රීපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව තුනෙන් දෙකක බහුතර තීන්දුවක් මගින් වගඋත්තරකාර දුමින්ද සිල්වා මහතා වැරදිකරු කරමින් 2016 සැප්තැම්බර් 08 වැනිදා මරණ දණ්ඩනය ලබා දුන් බවත්, එකී මරණ දඬුවමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කර තිබූ බවත් පැමිණිලිකාරිය සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

එසේ තිබියදීත් ජනාධිපතිවරයා විසින් මෙලෙස පොදු සමාවක් ලබා දෙනු ලැබ ඇති බව පෙත්සම්කාරිය සිය පෙත්සමෙ සඳහන් කර තිබුණි .

ඒ අනුව, එම මුදාහැරීම සිදුකර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප‍්‍රතිපාදන අනුගමනය කිරීමකින් නොවන බවත් එබැවින් එලෙස මුදාහැරීම ව්‍යවස්ථා විරෝධී වන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.

 



අදහස් (0)

දුමින්දගේ නිදහසට එරෙහි පෙත්සම සලකා බැලීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site