(නිමල කොඩිතුවක්කු)
දුම්රිය සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.
සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙහෙයුම් කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවත් සෙනෙවිරත්න මහතා කීවේය.
වයස අවුරුදු 60න් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 1000කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.
දුම්රිය නියාමකවරුන් නොමැති වීමෙන් දැනටමත් දුම්රිය ප්‍රමාණයක් අවලංගු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු කාර්ය කාර්යමණ්ඩල සේවකයින් සහ නියාමකවරුන්, මෙහෙයුම් කාර්ය මණ්ඩලය සහ කාර්මික කාර්ය මණ්ඩල විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාමෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවනු ඇති බවත් සෙනෙවිරත්න මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දැන් හැමතැනම සේවකයො මදිවෙලා්. හැටෙන් යන්න බෑලු.
සේවකයන් අඩුවෙලත් පාඩුයි නම් ඔන්න ඕක පුද්ගලික අංශයට බාර දෙන්න.
ඉතින් සේවකයින් වැඩියෙන් ඉන්න ආයතනවලින් අරගෙන පුහුණු කරලා වැඩට යොදවන්න. නැතිනම් දෙපාර්තමේන්තුව විසුරුවලා ජපන් ආයතනයක් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා හොඳ දුම්රියවල යන්නවත් ලැබෙයි.
දුම්රිය සේවකයින් 7000 කගේ හිඟයක් ඇතත් රැකියාවක් ලැබුණත් වැටුප් ගෙවීමට මුදල් නොමැත. දුම්රිය දෙපාර්තමේන්තුව වැනි රජයට අයත් ආයතන සේවකයින් නැවත බඳවා ගැනීමට පෙර නැවත පිළියෙළ කලයුතුම වේ. පුද්ගලික අංශය හෝ රජය සමග එක්ව පාඩු නොලබන සේවයක් ලෙස පවත්වාගෙන යා යුතුවේ. ආයතනය වෙනුවෙන් යූනියන්ස් මිස දේශපාලන පක්ෂ වෙනුවෙන් යූනියන්ස් අවශ්‍ය නොමැත.
ආණ්ඩුවෙ කන්තෝරුවල ඕනෑ තරම් පුටු රත්කරමින් සේවකයෝ සිටිති.
21000 ක් සේවකයන්ගෙන් ඉන්දියාවෙත් කෝච්චි දුවන්න පුළුවන් ඇති. මේ යකඩ ගොඩ කාට හරි නිකම් දෙන්න. ඒත් පාඩු නෑ. මේවට බදු ගවෙන්නේ කෝචියක් ඇහැට දැකපු නැති හද්දා පිටිසට අහිංසක මිනිස්සු.
ඉතිං අපිව ගන්නකො වැඩට. අපි එන්නම්
ඉක්මණට ඔය 7000 බඳවාගන්න. නැතිනම් දුම්රිය තව පරක්කු වෙයි.
ඔව් ඔව් ඒ බව පෙනෙනවා. කොටුව ඉස්ටේෂමට ගියාම.. කී දෙනෙක් නිකන් පුටු රත් කරනවාද කියලා පෙනෙනවා...
පුහුණු සේවකයින් නැහැ කියන්නේ සේවයට බඳවා ගැනීමෙන් පසුව පුහුණුවක් නොදී හරකුන්ගෙන් වගේ වැඩ ගැනීම නිසායි. මෙහෙම තාක්ෂණික දෙපාර්තමේන්තු වල පමණක් නොවෙයි, අධ්‍යාපන සුදුසුකම් සේවයේ යෙදීමට කුමන සේවයක අයට වුණත් ප්‍රමාණවත් නැහැ. ඕනෑම කෙනෙක් අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන ආවත් අදාල අංශයේ දැනුමක් ලබා නැහැ. කුසලතා වර්ධනයක් නැහැ. පුහුණුව අත්‍යාවශ්‍යම වෙනවා. එනිසා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමට විශ්‍රාම ගැන්වීමට අමතරව වරින්වර විධිමත් පුහුණුවක් දීම අනිවාර්ය කළ යුතුයි.
දැන් කරන්න තියෙන්නේ පහුගිය කාලේ රජයේ කාර්යාලවලට නිකන් වැඩක් නැතිව බඳවා ගත්තු මිනිස්සුන්ගෙන් සුදුසුකම් තියන මිනිස්සු ටිකක් තෝරලා තාවකාලිකව හරි මේවාට අනුයුක්ත කරන එක...
වඅඩිහරියක් මේ ලෝකෙ වැඩක් කරන්නේ නෑ. ෆෑන්වල දූවිලි බැඳිලා. වීදුරුවලින් එළිය පේන්නේ නෑ. ඒ තරම්ම දූවිලි. අලුතින් දාපු පෙට්ටිවල ෆෑන්වල දූවිලි. තව ටික දවසකින් කැඩිලා යයි. 7000 ක් ගන්න කළින් ඉන්න අයගෙන් වැඩගන්න.