IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලොකු ලූනු ආනයනය අත්හිටුවන්න

(නිමල කොඩිතුවක්කු)

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළද පොලට වැඩි වශයෙන් ලැබෙමින් පවතින බැවින් ලොකු ලූනු ආනයනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන දේශීය ලොකු ලූනු නිස මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන්  බරපතළ දුෂ්කර තත්වයකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දේශීය ලොකු ලූනු අස්වැන්න විශාල වශයෙන් ලැබෙන නමුත් ඒවායේ තොග මිල රුපියල් 30 සිට 100 දක්වා ඉතා අඩු මට්ටමක පවතින බව ගොවීහු පවසති.

දේශීය ලොකු ලූනු අස්වනු නෙළන සමයේ දී ආනයනික ලොකුලූනු සඳහා සෙස් බද්දක් පැනවීම සිදුවුන නමුත් මෙවර එවැන්නක් සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ලොකු ළූණු කිලෝවක් නිෂ්පාදනය ට රුපියල් දෙසීයක් පමණ වැය කිරීමට සිදුවන බවත් මේ හේතුවෙන් ගොවීන් ඉතා දුෂ්කර තත්ත්වයට පත්ව සිටින බවත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා තවදුරටත් කීවේය.



අදහස් (0)

ලොකු ලූනු ආනයනය අත්හිටුවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site