
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී ඇත.
ඒ අනුව ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 47.79 කින් අවප්‍රමාණය වී ඇතැයි මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.
එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා.
ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 වෙනිදා දක්වා කාලය තුල සිම්බාබ්වේ භාවිතා කරන ආර්.ටී.ජී ඩොලරයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 73.33 අවප්‍රමාණය වී ඇති අතර කියබානු පෙසෝ මුදල් එක්කයේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 57.65 කින් අවප්‍රමාණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට පාර්ලිමේන්තුවේදී කියයි මේකත් බොරු කියලා...
තව පොත් දෙක තුනක් පෙරලුවම ඕක හරි යයි.
දකුණු ආසියාවේ විතරක් නොවෙයි. ලෝකයේම ආශ්චර්යට තව දෙයි තියෙන්නේ. පුදුම සතුටක් දැනෙන්නෙ. මේ සිංහල අපගෙ රටයි. අපි ලෝකෙන් උතුම් රට ලංකාවයි. ආදි සිංහලේ අපේ වීර මී මුතුන් පුදුම තේජසක් තියෙන්න අපේ.
කමක් නැහැ රට ගෙනියන්නෙ පොහොට්ටුවෙ අයනෙ.
අනේ අපිට අවුරුදු 3ක් පස්සට ගිහින් ඡන්දෙදී වෙච්චි වැරැද්ද හදාගන්න තිබ්බා නම්...
බටහිරින් එන හැම එකම හරියි කියන්න බෑ. මීට වඩා වැටුණු රටක් ලෙබනනය... එහි ලීරා වල වටිනාකම ඉතාම අඩුයි. ඒක මෙතන නෑනේ. බටහිර සමහර කුමන්ත්‍රණවල කොටස් වෙන්න පුළුවන් මේ... ඊට පස්සේ ණය දීලා, නිකම් දීලා අපි හිඟන්නන් ගානට ගන්නවා. ස්වාධීනව නැගිටින්න ඉඩක් තියන්නේම නෑ...
අර පහුගිය කාලේ.., කියුබාව, වෙනිසියුලාව ගැන වර්ණනා කළ අය මේ ගැන මොකද කියන්නේ? කොමියුනිස්ට් කාරයින්ගේ කෙරුවාව පේනවනේ.. සිම්බාබ්වේ කප් එක අපේ අයට උස්සන්න වැඩි දවසක් ගත වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. කාලෙකට කලින් සුදු ජාතිකයින්ට අයත් දේපළ බහුතර සිම්බාබ්වේ වැසියන් විසින් ජාතිවාදයේ නාමයෙන් කොල්ල කෑවා මතකද? අන්න ඒවල ප්‍රතිඵල තමයි මේ දැන් කාටකාටත් ලැබිලා තියෙන්නේ..
ඒ කියන්නේ ලංකාවට ලෝකඩ පදක්කම. ආණ්ඩුවේ ඉලක්කය පළමු ස්ථානය අරන්, රන් පදක්කම අරගන්න වෙන්නැති... ජයවේවා.!!!
තව ටිකයි ඔහොම යං... ඒ පැත්තෙන් හරි රෙකෝඩ් එකක් තියමුකෝ...
පවුලක් සෙට්වෙලා ඔය පෙන්නුවේ ආසියාවේ ආශ්චර්යය.., සෞභාග්‍යෙය දැක්කා... දැන් ඇටිකෙහෙල් කාපු රිළව් වගේ පැත්තකට වෙලා ඉන්නවා.
රුපියලේ මහාචාර්ය බන්දුල ගුණවර්ධන තමයි මේකට වගකිව යුත්තා...
අපි මේකෙත් එකට එනවා. අපි කාටවත් පරදින්න කැමැති නැහැ. අපේ රටේ නායකයෝ අපිව එකට ගෙනේවා ඉක්මණින්ම...!