IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හමුදාවට බඳව ගන්න නිසා රුසියානුවෝ රට හැර යති

යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියානු හමුදාවට තවත් 300000 ක පිරිසක් බඳවා ගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීමත් සමග රුසියානුවන් රට හැර යාමට උත්සහ කරන බව බී.බී.සී පුවත් සේවය වාර් තා කළේය.

නමුත් හමුදාවට බඳවා ගන්නා වයසේ සිටින රුසියානුවන් රට හැර යන බවට පළවන වාර් තා මවාපෑමක් බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළහ.කෙසේ නමුත් ජෝර්ජියානු දේශ සිමාවේ රුසියාවෙන් පිටවීම සඳහා  සැතපුම් ගණන් දිග පෝලිම් තිබෙන බව  බී.බී.සී පුවත් සේවය පෙන්වා දෙයි.

තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුදාවට තවත් සෙබළුන් 300000 ක් බඳවා ගන්නා බවට නිවේදනය කළ විගස තමන්ගේ ගමන් මලුද නොමැතිව ගමන් බලපත්‍රය පමණක් රැගෙන ජෝර්ජියාවට ඇතුළු වීමට පැමිණ බවට රුසියාවෙන් පිටවීම සඳහා පෝලිමේ සිටි එක් පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජෝර් ජියාවට ඇතුළු වීම සඳහා තිබෙන ලාර් ස් මුරපොළේ වාහන පෝලිම කිලෝ මීටර 5 ක් තිබෙන බවත් එක් කණ්ඩායමකට ජෝර්ජියාවට ඇතුළු වීමට පැය 7 ක කාලයක් ගතවී ඇති බවත් බී.බී.සී පුවත් සේවය පැවසුවේය.

ජෝර් ජියාවට ඇතුළු වීම සඳහා රුසියානුවන්ට වීසා අවශ්‍ය නොවේ.ෆින්ලන්තයට ඇතුළු වන පිරිසේද වැඩි වීමක් දක්නට ලැබෙන අතර ජනාධිපති පුටින් කළ නිවේදනයත් සමඟ ඩුබායි,බෙල්ග්‍රේඩ් සහ ඉස්තාන්බුල් සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර වල මිලද ඉහළ දමා ඇතැයි බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.ඇතැම් ගමනාන්ත සඳහා ගමන් ගන්නා ගුවන් යානා වල ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බවද පැවසෙයි.

ජර් මනිය ඇතුළු ඇතැම් රටවල් රුසියානුවන් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ලැට්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ චෙක් රිපබ්ලික් රාජ්‍යයන් රුසියානුවන් භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදාවට ප්‍රථමයෙන් බඳවා ගන්නේ සටන් පළපුරුද්ද සහ අදාළ මිලිටරි විශේෂතා ඇති අතිරේක හමුදා ලැයිස්තුවේ සිටින පිරිස් බවත් ආරක්ෂක සේවය කරන පිරිස් හමුදාවට බඳවා නොගන්නා බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

034



අදහස් (2)

හමුදාවට බඳව ගන්න නිසා රුසියානුවෝ රට හැර යති

ganegoda Friday, 23 September 2022 03:00 PM

ඇමෙරිකාවට සහ ධනවත් මැදපෙරදිග රටවල්වල සරණාගතයින් වෙන්න පුල පුලා බලාගෙන හිටිය රුසියානු ජාතිකයින් පිරිසක් පමණයි.

:       2       3

tikiribuwa Saturday, 24 September 2022 09:48 AM

ලංකාවේ යුද්ධය තිබුණු කාලේ සිංහලයෝත් බොරු දමිල ගමන් බලපත්‍ර හදාගෙන ධනවත් රටවල් කරා සරණාගතයින් වශයෙන් ගමන් කෙරුවලු.. ඒක තමයි අද රුසියාවෙත් සිද්ද වෙන්නේ... !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site