යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියානු හමුදාවට තවත් 300000 ක පිරිසක් බඳවා ගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කිරීමත් සමග රුසියානුවන් රට හැර යාමට උත්සහ කරන බව බී.බී.සී පුවත් සේවය වාර් තා කළේය.

නමුත් හමුදාවට බඳවා ගන්නා වයසේ සිටින රුසියානුවන් රට හැර යන බවට පළවන වාර් තා මවාපෑමක් බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කළහ.කෙසේ නමුත් ජෝර්ජියානු දේශ සිමාවේ රුසියාවෙන් පිටවීම සඳහා  සැතපුම් ගණන් දිග පෝලිම් තිබෙන බව  බී.බී.සී පුවත් සේවය පෙන්වා දෙයි.

තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුදාවට තවත් සෙබළුන් 300000 ක් බඳවා ගන්නා බවට නිවේදනය කළ විගස තමන්ගේ ගමන් මලුද නොමැතිව ගමන් බලපත්‍රය පමණක් රැගෙන ජෝර්ජියාවට ඇතුළු වීමට පැමිණ බවට රුසියාවෙන් පිටවීම සඳහා පෝලිමේ සිටි එක් පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජෝර් ජියාවට ඇතුළු වීම සඳහා තිබෙන ලාර් ස් මුරපොළේ වාහන පෝලිම කිලෝ මීටර 5 ක් තිබෙන බවත් එක් කණ්ඩායමකට ජෝර්ජියාවට ඇතුළු වීමට පැය 7 ක කාලයක් ගතවී ඇති බවත් බී.බී.සී පුවත් සේවය පැවසුවේය.

ජෝර් ජියාවට ඇතුළු වීම සඳහා රුසියානුවන්ට වීසා අවශ්‍ය නොවේ.ෆින්ලන්තයට ඇතුළු වන පිරිසේද වැඩි වීමක් දක්නට ලැබෙන අතර ජනාධිපති පුටින් කළ නිවේදනයත් සමඟ ඩුබායි,බෙල්ග්‍රේඩ් සහ ඉස්තාන්බුල් සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර වල මිලද ඉහළ දමා ඇතැයි බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.ඇතැම් ගමනාන්ත සඳහා ගමන් ගන්නා ගුවන් යානා වල ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන් බවද පැවසෙයි.

ජර් මනිය ඇතුළු ඇතැම් රටවල් රුසියානුවන් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතත් ලැට්වියාව, ලිතුවේනියාව, එස්තෝනියාව සහ චෙක් රිපබ්ලික් රාජ්‍යයන් රුසියානුවන් භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදාවට ප්‍රථමයෙන් බඳවා ගන්නේ සටන් පළපුරුද්ද සහ අදාළ මිලිටරි විශේෂතා ඇති අතිරේක හමුදා ලැයිස්තුවේ සිටින පිරිස් බවත් ආරක්ෂක සේවය කරන පිරිස් හමුදාවට බඳවා නොගන්නා බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

034