දෙමටගොඩ චමින්දගේ බිරිද ලංකාවට එද්දී අත්අඩංගුවට ගන්න නියෝග මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද ගේ බිරිඳ ඩුබායි හි සිට මෙරට පැමිණීමේදී වහාම අත්අඩංගුවට ගෙන රහස් පොලිසියට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරමින් අද (03) දන්වා සිටියේය. 03 July 2024
අධිකරණ සේවකයා අල්ලස් ගනිද්දී මාට්ටු හිගුරක්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි බෙදන සහ ඇස්කිකි ක්‍රියාත්මක කරන පුද්ගලයා පුද්ගලයෙකුගෙන් රුපියල් 20000 ක අල්ලස් මුදලක් මින්නේරිය පංචකර්ම රෝහල තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 03 July 2024
අධිකරණ නඩුභාණ්ඩ අතුරුදන් සිද්ධියේ සැකකරු රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1194 අතුරුදන් විමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගබඩාභාරකාර සැකකරු ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නියෝග කළේය. 03 July 2024
බ්‍රිතාන්‍ය මැතිවරණය හෙට මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයටය. 03 July 2024
මුහුදේ නාන්න ගිහින් ලී කොටයක හැපී මරුට පානදුර මුහුදේ දියනාමින් සිටී පුද්ගලයකු ලී කොටයක ගැටී මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2024
’’ශ්‍රී ලංකන් විකුණන්නේ නෑ’’ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 03 July 2024
අලදෙණියේ අනතුරින් දරුවන් හයක් රෝහලට අලදෙණිය නුගවෙල පාසල් හන්දියේ මාර්ගය අයිනේ සිටි සිසුන් පිරිසක් එම මාර්ගයේ ගමන්ගත් ලොරියකට යටවීමෙන් තුවාල ලැබූ දරු දැරියන් හය දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 03 July 2024
අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය 03 July 2024
රිජ්වේ දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න කියයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මියගිය දැරියගේ ශල්‍යකර්මය කළ විදෙස්ගත වෛද්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා රහස් පොලිසියට අද (03) නියෝග කළේය. 03 July 2024
තැපෑලේ සේවකයින්ට අත පිරෙන්න බෝනස් තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 July 2024
රුහුණු මංගල්‍යය හයවෙනිදා ඇරඹෙයි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ෂමත් අයුරින් මෙම මස (06)දා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. 03 July 2024
කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා ගමන කඩාකප්පල් කරන කුමන්ත්රණකාරීන්ගේ ගැට වලට හසු නොවී ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අමතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය. 03 July 2024
ජනපතිවරණය අත්හිටුවන්නැයි පෙත්සමක් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් නීතිඥ චමින්ද්‍ර ලෙනව මහතා ඉල්ලා ඇත . 03 July 2024
ආයුර්වේද වෛද්‍යවරු ‘ඩැට්’ ඉල්ලති ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමිවිය යුතු ‘ඩැට්’ දීමනාව ඇතුළු වෛද්‍ය දීමනා වාහා දෙන ලෙස ඉල්ලමින් රජයේ අයුර්වේද වෛද්ය්ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රාජගිරිය ආයුවේද වටරවුමේදී අද (3) විරෝධතාවක් පැවැත්වීය. 03 July 2024
කරවල හොද්දට වැටුණු දියණිය මරුට පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2024
අධ්‍යාපනය කඩන අය ගැන පියවර ගන්න නීතිපති උපදෙස් පතයි ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතු යැයිද විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 July 2024
රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබේ . 03 July 2024
ජනපති පොහොට්ටුවට ආවොත් ජනපති අපේක්ෂකත්ව ලබාදීම ගැන බලනවා ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 03 July 2024
ගම්පහ ගංවතුරට හේතු සොයන්න මෙහෙයුමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. 03 July 2024
තාබුගලට මරණ තර්ජන රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය. 03 July 2024
සම්බන්දන්ගේ පුටුවට කුගදාසන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය . 03 July 2024
’’කහ ලොකු අඹ’’ රට යවන්න විතරයි TEJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවන් වශයෙන් පමණක් මින් ඉදිරියට ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 03 July 2024
මිහින්තලේ නාහිමිත් ජනපති ඡන්දෙට ? ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. 03 July 2024
ස්විට්සර්ලන්තය සමඟ ඇඟලුම් ගිවිසුමක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 July 2024
ගින්නක් යුවළකට දිවි අහිමිකරයි යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යටියන්තොට පනාවත්ත වතු යායේ අද (03) අළුයම 2.00 පමණ විදුලි කාන්දුවීමක් හේතුවෙන් සිදුවු ගිණි ගැනීමකින් එම වතුයායේ ලැයිම් කාමර පහක් ගිණි ගෙන එම ලැයිම් කාමරයක සිටි අඹුසැම් යුවලක් මරණයට පත්ව ඇති බව යටියන්තොට පොලිසිය කියයි. 03 July 2024
මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරුට යාපනය ගුරුනර්හ හි ධීවරයෙකුට විස සහිත මොරල්ලෙකු ගෙලට ඇනීමෙන් ධීවරයා මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 03 July 2024
බෝට්ටුවක් පෙරැළි අයෙක් මරුට යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ සිට නයිනතිව් දුපත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් පෙරැළී සිදුවූ අනතුරකින් එක අයෙකු මුහුදේ ගිලි මියගොස් ඇති බව ඌ(ර්)කවතුරේ පොලිසිය සදහන් කරයි. 03 July 2024
ඥාතීන්ගේ විලාප මැද ධීවර සිරුරු තංගල්ලට මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩොවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් හතර දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3) උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය. 03 July 2024
අදත් වැසි වාර කිහිපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 July 2024
ලංකාවේ ටියානිට ඇමෙරිකාවේදී වාසනාව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 16 හැවිරිදි ටියානා සුමනසේකර පැරිස් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ඇමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායමේ සංචාරය නොකරන ආදේශක ක්‍රීඩිකාවක් ලෙස නම් කර ඇත. 03 July 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026