ලංකාවට එරෙහිව ඉන්දීය ධීවරයෝ විරෝධයක උතුරු මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත වෙමින් දින නියමයක් නොමැතිව ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත. 05 July 2024
දයාසිරිගේ ගමන පොලිසිය වළක්වයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පොලිසිය ඉඩ නොදුන්නේය. 05 July 2024
මැල්සියා ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. 05 July 2024
‘මට සමාවෙන්න’ සුනාක් පරාජය බාර ගනී බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් පියවර ගත්තේය. 05 July 2024
කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි. 05 July 2024
වතු නිවාස පෙළක ගින්නක් තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි. 05 July 2024
පොලිස් නිල සුනඛ අංශයට සුනඛයින් 35ක් පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට අද(05) අලුයම රැගෙනවිත් තිබේ . 05 July 2024
අකුරණ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් :A9 මාර්ගය වහයි අකුණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වු ගින්නක් හේතුවෙන් ඒ 9 මාර්ගය මේ වන විට තාවකාලික වසා දමා ඇතැයි පොලීසිය කියයි. 05 July 2024
විදුලිය -ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවා කරයි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ. 05 July 2024
‘යුක්තිය‘ ගතවූ පැය 24 දී 1426 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කිරීමත් සමඟ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 05 July 2024
පළාත් තුනකට - දිසා තුනකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 July 2024
සම්බාහන මුවාවෙන් කතුන් විකුණලා පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය සම්බාහන ආයතන හතරක් වටලා එහි කළමනාකරුවන් සිව්දෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් 11 අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 05 July 2024
ආවේ එස්.අයි. මරන්න මැරුවේ පී.එච්.අයි කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 05 July 2024
කම්කරු පක්ෂය ඉදිරියෙන් අනාවැකි පළ වුණු අයුරින්ම, බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන්, විපක්ෂය වන කම්කරු පක්ෂයට බලය හිමිවනු ඇතැයි පැවැසෙයි. ඒ අනුව කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බි්රතාන්යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇත. 05 July 2024
කෙහෙළිය පවුලේ කෝටි 9ක ගිණුම් අත් හිටුවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත. 05 July 2024
ඔන්ලයින් වංචාවේ 34ක් රිමාන්ඩ් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නීතී විරෝධීව දේශීයව හා විදේශීයව රුපියල් කෝටි සිය ගණනක් ජනතා මුදල් වංචා කිරීමේ ජාවාරම මෙරට සිට මෙහෙය වූයේ යැයි කියන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හා විදේශකයින් 34 දෙනා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය. 04 July 2024
තාත්තා හිරේ යවන්න අම්මා ගැසූ ගැටේ අධිකරණයේදී ලිහෙයි තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කර නිදහස් කළේය. 04 July 2024
1700 වතු කම්කරු ගැසට්ටුව අත්හිටුවයි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය. 04 July 2024
දයාසිරි නිමල්ට තදින්ම කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය. 04 July 2024
සම්පන්දන් දේහය යාපනයට හිටපු විපක්ෂ නායකයකු සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකු වූ අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද යාපනය වෙත රැගෙන එනු ලැබීය. 04 July 2024
රාජකීයේ සිසු නයුවෝ පත් කිරීමේදී අක්‍රමිකතා කොළඹ රාජකීය ව්‍යාලයේ 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත. 04 July 2024
තැපැල් සේවකයෝ විරෝධයේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් දෙන ඉල්ලමින් එම දෙපාර්තමේන්තුවේ පිරිසක් තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද (4) විරෝධතාවක් පැවැත්වූහ. 04 July 2024
අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි. 04 July 2024
හිරුණිකා ඇප ඉල්ලයි බරපතල වැඩ සහිත වසර 03 සිරදඬුවම් නියම වූ තමන්ට ඇප නියම කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 11 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නීතීපතිවරයාට අද කල් දුන්නේය. 04 July 2024
කටුනායක ගුවන්තොටේ තිබූ හිමිකරුවකු නැති මෝටර් රථයක් රැගෙන යයි හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාළයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද දහවල් රැගෙන ගියේය 04 July 2024
ලංකා - භූතාන ඊශ්‍රායල තානාපති ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් (Naor Gilon) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (4)සිදු විය. 04 July 2024
මැතිසබේ පොඩි රැස්වීමටත් කෝටියක් කුඩු කරලා මැතිසබයේ ඊයේ (2) හදිසි රැස්වීම පැවැත්වීමටත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 04 July 2024
ඇඟලුම් කාන්තාවන්ගේ දරුවන්ට “ඩේ කෙයා” රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. 04 July 2024
රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන් අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 04 July 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026