
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 103 ක් පමණි. කොන්සවර්ටිව් පක්ෂය, මෙසේ පරාජයට පත් වූයේ වසර 14 කට පසුව වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, නව රජයක්ක පිහිටුවන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි සංවිධානය සමඟ හාදකම් පවත්වන පක්ෂයක් ලංකාවට අසුභ ආරංචියක්
ද්‍රවිඩ ප්‍රජාව වෙනුවෙන් මෙතුමාගේ රජය නිරතුරුවම පෙනී සිටින බව එංගලන්තයේ එම ප්‍රජාවට පොරොන්දුවක් ප්‍රසිද්ධියේ දී තිබුණා. මේ සමගම ශ්‍රී ලංකාවට විශාල අනතුරු ඇඟවීමක්ද කලා. මොහුගේ ජන්ද කටයුතු වලදී එංගලන්තයේ සිංහල ප්‍රජාව තුට්ටු දෙකට දමා තිබුනා.
ලංකාවේ වෙන්නෙත් ඒ ටික තමයි රනිල් රාජපක්ෂලා ඉවරෙටම ඉවරයි.
රිෂි සුනාක් සුද්දන්ට වැඩිය සුද්දෙක් වෙන ගිය කලු සූද්දාට අන්තීමට අකුලාගෙන ගෙදර යන්න සිද්ධ වුණා. මෙයාලගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති තමන්ගේ රටවල් තුළම පරාජය වෙනවා, එක මැක්රොන්, දෙක රිෂි සුනාක්, තුන්වෙනියට බයිඩන්. ලෝක සාමය උදෙසා හා ආර්ථික සාධාරණත්වය සදහා මොවුන් පරාජය කළ යුතූමය.
අපි හිතාගෙන හිටියේ ලංකාවේ ඉන්නේ රාජපක්ෂගේ, වික්‍රමසිංහගේ වහලුන් විතරයි කියලා දැන් බලාගෙන ගියාම බයිඩන්ට, සුනාක්ට ලව් කරන වහලුන්ද ඉන්නවා
ඒ රටේ කලට වෙලාවට ඡන්දේ තියලා තමන් කැමති කෙනෙක් තෝරා ගන්ඩ අයිතියක් තියෙනවා....ඒකටත් එක්ක අපේ රටේ කිසිම ජනවරමක් නැති ,ආසනයෙනුත් පැරදුනු ,පවුල් පාලන ආණ්ඩුව කාලේ ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ආපු රනිල්, ගෝඨාගේ දූරකාලය පුරවන්ඩ පින් ජනාධිපතිකම ලැබුණා .එහෙම කෙනා දූෂිත පවුල් පාලනේ උන් ,පොහොට්ටුවේ උන්ව රකින්ඩ මුට්ටිය දාන ගමන්, පිනට ලැබුණු ජනාධිපති කමේ ඉන්ඩත් ගේමක් ගහනවා
සුනාක්ට, මැක්රෝන්ට වගේම නවසීලන්තයේ හිටපු මැතිණියටත් හුරේ දාගෙන, ඔවුන් නියම ප්‍රජාතන්ත්‍රවාදී වීරයින් වශයෙන් ඒ දවස්වල වන්දනාමාන කළ ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ හුරේ සභාව දැන් තාලෙ වෙනස් කරලා වගේ...
අපේ තාත්තාට, ජවිපෙ නායකයින් ගැන තියන්නේ පුදුම කේන්තියක්, මොනවා වුණත් ජවිපෙ තමයි.