
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් කෝටි 1721ක මූල්‍යමය සහනාධාරයක් ලබා දීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව (බලශක්ති අමාත්‍යාංශයට අදාළ 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව) සහ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (23) සම්මත විය.
මෙම වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ (Line Ministries) වෙත වෙන් කර තිබියදී වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව, මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත විසින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරේ.
පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය ලැබිණ.
අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd