
මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගෑස් කාන්දුවක් සිදුවී, 39 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි.
ගෑස් කාන්දුව සැලවුණු සැණින්, ගිනි නිවන භට කණ්ඩායම් ගුවන් තොටුපොලට පැමිණි අතර, ඔවුන් පසුව පැවැසුවේ, රසායන විෂ කාන්දුවක් සිදුවී ඇති බවය.
විෂ ආඝ්‍රාණය වී රෝගී වූවන්ගෙන් කැරකිල්ල, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබුණු බවත්, රෝහල්ගත කළ එම 39 දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
ගුවන් යානාවලට ගොඩවීමට පැමිණි මගීන් කිසිවකුටවත් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd