පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ පොලිස් මුරපොළකට බෙදුම්වාදී සටන්කාමීන් ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් මුරපොළේ සිටි පොලිස් නිලධාරීන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් පාකිස්තාන මාධ්‍ය පවසයි.

ප්‍රහාරය එල්ල වුණු මුරපොළ ඇෆ්ගන් දේශසීමාව අසල හන්ගු නමැති දිස්ත්‍රික්කයේ පිහිටයි. බෙදුම්වාදී සටන්කාමීන්, මුරපොළට පහර දුන්නේ අත් බෝම්බවලින් ද දමා ගසමිණි. එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ගණන 15 කි.

පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් සහ බෙදුම්වාදී සටන්කාමින් අතරේ පැය කීපයක් තිස්සේ අවි ගැටුම් පැවැති බවත්, පාකිස්තාන පොලිස් නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සටන්කාමීන් පස් දෙනෙකු මියගිය බවත් පසුව වාර්තා විය.