පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ගල් අගුරු පතලක පිපිරීමක් සිදුවීමෙන් තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි. තවත් පතල් සේවකයන් 15 දෙනකු පිපිරීමෙන් පසු පතල තුළ සිරවුණු බව පැවැසෙයි.

මීතේන් වායු කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවුණු බව පැවැසෙයි. පතල තුළ සිරවූවන් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් සිදුවන බව බලුකිස්තාන බලධාරීහු ඊයේ (30) පැවැසූහ.