
බ්‍රසීලයේ පැවැති ඒඩ්ස් නිවාරණය සම්බන්ධ සමුළුවකදී, ඊට සහභාගී වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතින් වරදක් සිදුවිය. ඒ වරද සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
සමුළුවේදී, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අප්‍රිකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිතියම් ප්‍රදර්ශනය කළ අතර, එහිදී අප්‍රිකා රටවල් නම් කර තිබුණේ වැරදි ආකාරයටය. අප්‍රිකානු රටවල් හයක භූගෝලීය පිහිටීම් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි.
Slideshow එකක් ලෙස ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපත් කළ එම සිතියමට අනුව, නයිජීරියාව අප්‍රිකා මහද්වීපයේ මැද පිහිටි ගොඩබිමෙන් වටවූ රටක් ලෙසත්, මොසැම්බික් රාජ්‍යය අප්‍රිකා මහද්වීපයේ වෙරළාශ්‍රිත රටක් ලෙසත් නම් කර තිබුණි. වැරදි ලෙස අප්‍රිකා රටවල් නම් කළ මෙම සිතියම පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd