ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජියර්ස් නගරයට නැගෙනහිරින් පිහිටි බුමර්ඩෙස් වෙරළබඩ නගරය ආසන්නයේදී මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇල්ජීරියානු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය. අනතුරෙන් තුවාල ලැබූවන් වහාම ක්‍රියාත්මක වන පරිදි අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

ඇල්ජීරියානු අග්‍රාමාත්‍ය සිෆි ග්‍රීබ්, අනතුර සිදුවුණු ස්ථානයට ගිය බව ද පැවැසෙයි. ඇල්ජීරියාවේ මාර්ග අනතුරු බහුලය. රථවාහන පොලිසියට අනුව, පසුගිය වසරේ පමණක් එරට සිදු වූ රථවාහන අනතුරුවලින් 3,838 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 37,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.