
පලස්තීනුවන් ජීවත් වන ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් ද ඇතුළු සියලු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම සඳහා ‘සාම මණ්ඩලය’ එකඟතාවකට පැමිණි බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙම ‘සාම මණ්ඩලය’ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් රටවල් රැසක් එකමුතු වී පිහිටුවා ගත් එකකි.
ගාසා තීරයේ ස්ථිර සාමය සහ ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස ට්‍රම්ප් සාම මණ්ඩලයේ මෙම තීරණය හඳුන්වා දී තිබේ. ගාසා තීරය සාමකාමී තැනක් බවට පත් කිරීමට සාම මණ්ඩලය කරුණු 20 ක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අතරින් සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුධ කිරීම ප්‍රධාන කරුණක් ලෙස සැලකෙයි.
මෙම නිරායුධ කිරීම් එක සැණින් සිදු නොවනු ඇති බවත්, විශ්වාසය මත අදියරෙන් අදියර සිදුවන්නක් බවත් ට්‍රම්ප් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. එම සටන්කාමී කණ්ඩායම් නිරායුධ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් යනු ඇතැයි ද ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd