
(ටී.කේ.ජී.කපිල)
හිමිකරුවකු නොමැතිව දීර්ඝ කාළයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාලෙහි නවතා තිබූ මෝටර් රථය ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ අද දහවල් රැගෙන ගියේය
නිසාන් බ්ලූබර්ඩ් වර්ගයේ මෙම මෝටර් රථය ඉකුත් මැයි 29 දින මෙසේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ දමා ගොස් තිබුණි .
මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට අයිති බවත් දැනට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන 68390 දරන නඩු කටයුත්තට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම මෝටර් රථය රැගෙන ගොස් තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකට අයිතිකාරයෙක් නැත්තං මට දෙන්න...
ඔයාටම කරගහන්න වෙයි විත්තියටම ලැබෙන දඬුවම
ඔක්කොටම කර ගහන්න වෙයි නේද
වෙන රටවලනම් ගුවන් තොටුපොලේ වාහනය දමා ගිහින් අවුරුද්දකින් පැමිනියත් මුදල් ගෙවා එලියට යන්න පුලුවන්. අහෝ ඇගේ රටේ
අර මල්වානේ මාලිගාව වගේ. අයිතිකාරයෙන් නෑ?
දැන් ඉතින් නඩු ඉවරවෙනකම් අවුරුදු 20 ක් 30 ක් උසාවි.වත්තේ දිර දිරා යාවි අපරාදේ
ඔය වාහනේ ආපු එකා දැනටමත් ඩුබායි වලට පැනලා ඇති එහෙමනේ ලංකාවේ වැඩ සිද්ධ වෙනනේ