
(නිමල කොඩිතුවක්කු)
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාලගුණයෙන් පවුල් 30,011 කට අයත් පුද්ගලයින් 96056 කට මේ වනවිට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්ක 6 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂ 28 කට මෙහි බලපෑම එල්ල වී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවුල් 29584 කට අයත් පුද්ගලයින් 94356 කට පානීය ජලය බෙදා හරින බව මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොලොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මින් වැඩි බලපෑමක් එල්ල කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මොනරාගල දිස්ත්‍රික්කයට පවතතින තත්වයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති අතර එහි පවුල් 11751 කට අයත් පුද්ගලයින් 37890 කට පානීය ජලය බෙදා හරින බවද එම මධ්‍යස්තානය සඳහන් කරයි.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 11142 ක් ඇතුළත් පුද්ගලයින් 33394 කට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක පීඩාවට පත් පවුල් 3764 ක පුද්ගලයින් 11964 ක් සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd