(යොහාන් භාසුරු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය අවසරයට අනුව වැඩ බාර ගැනිමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පොලිසිය ඉඩ නොදුන්නේය.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය අවට දැඩි පොලිස් රැකවරණ යොදා තිබූ අතර පාක්ෂිකයෝ පිරිසක් එහි පැමිණ සිටියහ.

පසුව දයාසිරි ජයසේකර මහතා එලියේ සිට ලිපි කීපයකට අත්සන් තැබූ අතර පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිිණිල්ලක් ඉදිරිපත් කරන බව ද ජයසේකර මහතා කියා සිටියේය .

(ඡායාරූප: ගයාන් අමරසේකර)