බස්නාහිර, සබරගමුව සහ වයම පළාත්වලත් මහනුවර, නුවරඑළිය, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර්75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

උතුරු සහ උතුරු මැද පළාත්වල ද වැසි වාර කීපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.