
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන සහ වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් කැඳවා තිබුණු අතර මෙහිදී පැමිණි නියෝජිතයින් පෙන්වා දුන්නේ මෙරට ජනගහණයෙන් වැඩි කොටසක් කාන්තාවන් වුවද විධායක ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වන කාන්තාවන් සංඛ්‍යාව සීමිත බවයි. එසේම ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ දරුවන් රැක බලාගැනීම සඳහා විධිමත් ආකාරයෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇතිකිරීමේ අවශ්‍යතාවද මෙහිදී නියෝජිතයෝ පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් කොහොම හරි මේක කරන්න
හරිම හොඳ අදහසක්. ඇයි කාන්තාවෝ විතරක් දරුවෝ බලාගන්න ඕනෑ. පිරිමින්ටත් දරුවෝ බලාගන්න පුළුවන් වෙන්න ඕනෑ. මම ඉන්නා රට ගොඩක් දිවුණු වෙලා තියෙන්නේ කාන්තාවෝ සහ පිරිමි හරි හරියට එකට වැඩ කරන නිසා. කාන්තාවෝ නිකන් ගෙවල් වල රෙදි හෝද හෝදා ඉන්නේ නැහැ. අපේ වගේ කුඩා රටක් දිවුණු වෙන්න යම් ආකාරයකට හැම දෙනාම පිට රට මුදල් උපයන සේවා හෝ යම් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවකට දායක වෙන්න ඕනැ. දවසට පැය කීපයකට හරි. මේ රටවල අවශ්‍යතා එමටයි. ඒ අවශ්‍යතා අපි වගේ රටවල අයට ලේසියෙන් සපයන්න පුළුවන්. ඕනා විශ්වාසවන්ත කම සහ තත්ත්ව පාලනයයි. පළමුව ගැහැණිය උයන්න ගෙදර වැඩ කරන්න ඕනෑ කියන පහත් සංකල්පය තරුණ අය අතර නැතිකළ යුතුයි...
හැම අවුරුද්දකම කාන්තා දිනයක් එනවානේ... එම දවසටවත් කාන්තාවෝ ටික එකතුවෙලා ඔය වගේ ඉල්ලීම්වත් දිනා ගත්තොත් කොච්චර හොඳද? නිකං එකතු වලා කාන්තා අයිතීන් ගැන කෑමොර දෙනවාට වඩා, තව සාරිම අඳින ගුරුවරියන්ට බබෙක් ලැබෙන්න ඉන්න කාලෙවත් බඩටත් උඩින් අපහසුවෙන් සාරියම අඳිනවාට වඩා ගවුමක් වත් අඳින්න. කොහේද ඉතින් ලේසිනෑ එහෙම එකක් වත් දිනාගන්න ඒකටත් ගෑණු ගෑණුම කෑගහගනී...
අත්‍යවශ්‍යම අංගයක් මෙය නීතියක් කල යුතුමයි.අපිට ඉන්දියාවේන් හොදම ආදර්ශය ගන්ඩ පුළුවන්.