
(මනෝප්‍රිය ගුණසේකර)
තමාගේම සිව්හැවරිදි පුතාට අතවර කැලිය කියන චෝදනාවන්ට වරදකරු වී වසර 16ක සිරදඬුවම් නියම වු පියකු ඉදිරිපත් කළ ඇපෑලක් සළකා බැලු අභියාචනාධිකරණය සිරදඬුවම් විඳිමින් සිටි පියා නිදොස් කර නිදහස් කළේය.
විත්තිකරුගේ බිරිඳ දරුවා යොදාගෙන තම සේවාදායකයාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද දරුවා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් කටඋත්තරයේදී මව දරුවා ලඟ සිට ඔහුට උගන්වන අයුරූ ළමා ආරක්‍ෂක අධිකාරිය මහාධිකරණයට ඉදිරිපත් කර ඇති පිටපතේ සදහන් කර නැතැයි පෙන්වා දෙමින් නීතීඥ දර්ශන කුරුප්පු මහතා දැක්වු කරුණු සළකා බැලු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිරදඬුවම් විඳිමින් සිටි පියා ඒ අවස්ථාවේදීම නිදොස් කර නිදහස් කළේය.
අම්මාගේ ඉගැන්වීම මත සිව්හැවරිදි දරුවා විසින් පියාට එරෙහිව ළමා ආරක්‍ෂක අධිකාරියට දුන් ප්‍රකාශය නිවැරදි නොවන ආකාරයෙන් සටහන් කර ඉදිරිපත් කර ඇතැයිද එවැනි ලේඛණයක් පදනම් කරගනිමින් මහාධිකරණය විසින් විත්තිකාර පියා වැරදිකරු කර සිරදඬුවම් නියම කර ඇතැයිද නීතීඥ දර්ශන කුරුප්පු මහතා හෙළි කිරීම නිසා නොකළ වරදකට වසර 02ක කාලයක් බන්ධනාගාරයෙය් රඳවනු ලැබ සිටි බි්‍රටෝ හේමන්ත නමැති පියා එලෙස නිදහස් කෙරිණී.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරත්නම් සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී හෙළි වු කරුණු අනුව එලෙස නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකළ වැරදි වලට හිරේ . ලගින තවත් අය ඇති නේද ...
ගැහැනු කරන ඕන පැමිණිල්ලකට නීතිය වේගයෙන් පිරිමියාට එරෙහිව කටයුතු කරනව.ඒක ඇත්තටම අසාධාරණ තත්ත්වයක් නේද? මේ පියාට කල හානිය කවදාවත්ම නිවැරදි කරන්න බෑ. ජීවිකාව නීතිමය ක්‍රියාමාර්ග වලට ගිය වියදම ඉතිරිකර මුදල්වලට සිදුවූ දේ සමාජ අපවාද.. මේ සියල්ල පිටුපස බිරිඳගේ සැක සහිත නීච ක්‍රියාවක් තියෙන්න ඕන...
තාත්තා හිරේ ඉන්න කාලේ ඒ දරුවගේ අම්මා ජීවත් වුණේ කොහොමද ?
කුණුවෙලා, විඳවලා මැරෙන්න ඕනෑ කරපු අසික්කිත වැඩේට. යකෝ තමන් වදපු දරුවා මේ වගේ සහගහන වැඩකට පාවිච්චි කරන්න තරම් මේ අය කොච්චර නම් පහත් ද?
මෙහෙමත් පාපතර කාලකන්නි ගැහැණු. බොරු චෝදනා කළාට හිරේ යවන්න ඕනේ. හිතක්, පපුවක් නැති හැටි... අහිංසක දරුවා ගැන හිතන්න. මේ වගේ දේවල් දැන් කාලේ ගොඩක් සිදුවෙනවා. පොලිසිය, උසාවිය අවධානයෙන් ඉන්න ඕනේ...