
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට අධිකරණය මගින් තමාට බලය පවරා ඇති හෙයින් ඊට එරෙහිව බාධා නොකරන ලෙස එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.
ඒ අනුව හෙට (05) දිනයේ පෙරවරු 9.30ට ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ගොස් වැඩ බාර ගන්නා බව පැවසූ ලේකම්වරයා කිසියම් පිරිසක් ආණ්ඩු බලය යොදා ගෙන එය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව අධිකරණයට යන බව පැවසීය.
එම නිසා කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු නොකර තමාට නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
පක්ෂ මූලස්ථානය කිසිවකුගේ බූදලයක් නොවන බව පැවසූ ජයසේකර මහතා එම එම ස්ථානයට සහ තමා සමග එහි එන පිරිස වෙනුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන සලසන ලෙස පොලිස්පතිවරයාට කොට්ඨාසය භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවද කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සෑම සියලු දෙනාටම මෙම අවස්ථාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පැවසූ ජයසේකර මහතා කිසිවෙක් කිසිවකට බිය නොවිය යුතු බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි කෙලියක් නේ. රිලවෙක් වගේ එහාට මෙහාට පනින, පක්‍ෂේ අතහැරලා වෙන පක්‍ෂ පිහිටුවා ගත්තු කෙනෙක් පක්‍ෂයේ විධායක සභාව විසින් ඔහුව ඉවත්කර අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තියෙද්දී තවමත් අතීතය වළංගුයි කියලා හිතාගෙන නටන නැටිල්ලක්. කවුරුවත් පිළිනොගන්න සොම් බියෙක් කියන කතා ඒ තරම් ගණන් නොගන්න.
අධිකරණ නියෝගයක් අනුව ඔහු පක්ෂයේ මහ ලේකම් වහයෙන් පිලිඅරන් තියෙනවා. අපිට ඒ සඳහා අභියෝග කරන්න බෑ
මොන පක්ෂෙන් ආවත් ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න නුසුදුසු ගෙම්බෙක් තමයි මෙන්න මේකා . මේ රිලසිරි කයිවාරු මිසක කල කිසිම වැඩක් නැහැ මෙතක් කල්.
සිරිසේනත් එක්කද ඔය ගමන යන්න හදන්නේ .ඔබට ශ්‍රි.ල.නි.ප යේ අයිතියක් නැහැ
කලින් යූඇන්පීයේ ඉදලා මහින්දයාව පුලුවන් තරම් විවේචනය කරලා අන්තිමට සාටකේ ගිහින් එල්ලුනා.ආත්මාර්තකාම් අවස්තාවාදී බලලෝබී දේසපාලුවෙක්, එහෙට මෙහෙට පැනලා දැන් පස්ස බිම ඇනගෙන.?