
(සුජිත් හේවාජුලිගේ)
මැතිසබයේ ඊයේ (2) හදිසි රැස්වීම පැවැත්වීමටත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ පෙරේදා රැස්වීම පැවැත්වුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීමටය.
ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු විපක්ෂ නායකවරයා ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තැබිණ.
මෙම රැස්වීම පෙරේදා පැය එකහමාරකට පමණ සීමාවිය.
රැස්වීම කෙටි වුවත් පාර්ලිමේන්තුවක් රැස්වන දිනයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් වැයවන මුදල මෙවැනි කෙටි රැස්වීම්වලදීද එකසේ වැය වන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට අරන් ජොලි කරනවා. නිකම් දෙනවා...
ඒ වගේද යුරෝපයේ දුප්පත් රටවල්. අපි ඉන්න රටේ අගමැති අවුරුදු 14ක් අගමැතිකම කරලා ළඟදී අස්වෙලා ගෙදර ගියේ පාපැදියෙන්...
ලංකාව මොකා පාලනය කලත් ගොඩ යන රටක් නෙමෙයි