(රංජන් කස්තුරි)

කොළඹ රාජකීය ව්‍යාලයේ 2023/24 වසර සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට ශිෂ්‍ය නායකයන් තෝරා ගැනීමේදී  විවිධ අක්‍රමිකතා සිදුව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම්  කොමිෂන් සභාව තීරණය කර ඇත.

එම විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරිමේදී  ලකුණු ලබාදීමේ පාටියට  පිළිබඳව ශිෂ්‍යයන් පෙර වසරවල දී මෙන් දැනුවත් නොකිරීම හේතුවෙන් එකී පටිපාටියේ විනිවිදභාවය ගිලිහි ඇති බව පැහැදිලිවන බව ද මානව හිමිකම් කොමිෂන් සභාව දුන් නිගමනයේ සඳහන් වේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙ ්සිසුන් නව දෙනකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කර ඇති පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම කොමිෂන් සභාව එකී නිගමනය කර ඇත.