
(සුජිත් හේවාජුලිගේ)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ දියණියන් තිදෙනාට සහ එක් දියණියගේ ස්වාමිපුරුෂයාට අයත් රුපියල් කෝටි නවයකට වැඩි වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර ඇත.
පෞද්ගලික බැංකුවක තිබූ එම ගිණුම් සහ රක්ෂණ ඔප්පු සැක කටයුතු ගනුදෙනු හේතුවෙන් මෙසේ තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 53(1) වගන්තිය ප්‍රකාරව මුදල් විශුද්ධිකරණ වරද යටතේ කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.
මේ පිළිබඳව මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමටත් කොමිෂන් සභාව වැඩිදුරටත් තීරණය කර ඇත.
මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාරදී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අවභාවිත කර ඇත්දැයි පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා විමර්ශනයක් ආරම්භ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මීරිය මේ සේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. තව ඔය වගේ අය ගොඩක් ඉන්නවා. ඒ ගොල්ලන්ගෙ ටර්න් එක ළඟ ලගම එනවා. අපි බලාගෙන ඉමු.
ඔය එක හොර ඇමතියෙක්ගෙ .තව 220 ගානකගේ ඒවා හෙව්වොත් රටේ මුළු ණය කන්දත් ගෙවලා බංකොලොත් භාවයෙනුත් නිදහස් කරගන්න පුළුවන් වෙයි
හොරුන් එළවමු
මූට නම් ආත්ම ගානක් විදවයි හොරිදද කුශ්ට සමග බල්ලෙක් වගෙ ඉපදිලා අසරන මිනිසුන් කී දාහක් මැරුනද මුගෙ බෙහෙත් වන්චාව නිසා. මූටත් දටු පව්ලක් ඉද්දි මේවගෙ දේවල් කෙරුවේ. මේ රටේ නිතියයි පාලනය කරන ලොකු එකාගෙ වැරැද්ද නිසා මෙහෙම වෙන්නෙ මුන්ට ඕන බලය. මිනිසුන්ට ගින්දර දීලා මුන් විතරක් සතුටින් ඉන්න රනිල්ව පුලුවන් ඉක්මනින් එලවලා. නිතියට හිසනමන අලුත් තරුන නායකට රට දීලා. රනිල් සමග මුන් සේරම හිරේ දාන්න ඕන. දැන් පොහොර ටිකක් දීලා. අලුත් අලුත් සෙල්ලම් පොරොන්දු වෙනවා මේ මිනිස්සු නටවලා මුන් බලය ගන්න එක නතර කරන්න ඕන. මුන් එකෙක්ට හොදින් ඉන්න දෙන්න නරකයි. හිරේ ඉන්න කට්‍යියට කියලා මුන්ට ගස්සවන්න ඕන
මල් වඩමට බය වෙච්ච දුව කලන්තේ දාලා වැටෙයිද බයට
ඔය විදියට රටේ වංචා කාරයෝ දූෂිතයෝ අත් අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්නම ඕනේ රට හදන්න නම්
මේ වගේ දූෂිතයෝ රකින්න පාර්ලිමේතුවේ කීදෙනෙක් චන්දෙ දුන්නද .ඒවගේ අයට ජනතාව චන්දෙ දිය යුතුද ?
රඹුක්වැල්ල පරපුර පස්ස පැත්තෙනුත් හිනාවෙනව ඇති නේද. එක බෙහෙත් තොගයක කොමිස් මුදල් කෝටි නවයකට වැඩිය ඇති. විදේශීය ගිනුම් හොයන්න අපේ පොලිසියට පුලුවන්ද?ඔය කණ්‌ඩායම දැන් ජීවත්වන විදිය ගවේෂණය කරල බලන්න... කලකට ඉහත වූ කුප්‍රකට සීමෙන්ති ගනුදෙනුවල කතාව මතකද? එකල හිටිය මන්ත්‍රී කෙනෙකුට සෑම ටොන් එකකටම ඩොලර් දහයක කොමිස් යන විදියට ඩීල් එක අත්සන් කර තිබුණ එක හෙලිදරව් වුණා. ඒත් ඒ ගනුදෙනුව දිගටම ගියා නොවේද ගිවිසුම අනුව...
ලංකාවේ තියෙන සල්ලි නේ අත්හිටුවීම කරේ . පිටරට තියෙන ( Australia ) තියෙන සල්ලි පවා අත්හිටවන්න ඕන.
ලිහලා බලපු මල්ලේ තව මොනවද ඔබලා බලන්නේ ?
අවුලක් නෑ,..ට්‍රැක්ලන්තේ වසර 76ක් රට පාලනය කරපු ජාතියේ ආණ්ඩුවක් තවදුරටත් තිබුනොත්, තව ටික කලකින් නිදොස් කොට නිදහස්. හේතුව, ට්‍රැක්ලන්තේ අල්ලස් හෝ දූෂණ කොමිසම නඩුකරය හරියට අත්සන් කරලා නැත කියන විත්තියේ තර්කය, එහෙමත් නැත්නම් ට්‍රැක්ලන්තේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුකරය පවත්වාගෙන යන්න තරම් සාක්ෂි නෑ කියලා...මීට කලින් ට්‍රැක්ලන්තේ මෙවැනි බොහෝ නඩුවලට වුණා වාගෙ ....
මේක මෙතනින් නවත්වන්නේ නැතුව දේශපාලනයට සම්බන්ධ ඔක්කොම හොයන්න ඕන
යකඩෝ, බන්ධනාගාර ඇතුලෙදි මට සැලකුවා වාගෙ මෙතුමාට සලකන්න කවුරුත් නැද්ද?
නිදහස් සෞඛ්‍ය සේවය මුවාවෙන් අහිංසක මහජනයාට මරණය ලබාදුන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලටම නීතිය ඉටු වෙනතුරු සිවිල් ජනයා අවදියෙන් බලා සිටිනවා.
දැන් මේ රටේ තියෙන තත්වයක් තමයි දේශපාලකයන් මොන දුෂණය වංචාව කළත් ඒවා ගැන මොන තරම් පත්තර ටීවී රේඩියෝ සමාජ මාධ්‍ය කාටුන් මොන තරම් පෙන්නුවත් කිව්වත් ඒවා සාමාන්‍යයෙන් වෙන දේවල් ඒවා ගැන මොකක් වත් කරන්න ඔනිවෙන්නේ නැහැ ඒවා වෙද්දීම රට ඉදිරියට යන්න ඕනි ඒවා ගැන එච්චර හිතන්න ඕනි නැහැ වෙන මොනවා හරි දේවල් නම් කතා කරමු රටේ සංවර්ධනය ගැන කතා කරමු තෙල් ගෑස් පෝලිම් නැති ඒක ගැන කතා කරමු කොහොම වැටිලා තිබිච්ච රටක්ද ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන බලමු දිගටම අපිට බලය දෙන්න ඕනි තව අවුරුදු පහක් මෙහෙමම ගියොත් රට ගොඩ දැන් ආයෙත් නතර කරපු තැන වලින් වැඩ පටන් ගන්න පුළුවන් තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ඉදිරියට ලැබේවි 2048 දී අපි ලෝකෙම දියුණු රට වේවි..... නිකම් ඇහෙන කොට පිස්සු .