
(රන්ජන් කටුගම්පොල)
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය.
වතු කම්කරුවන්ගේ වැටුප් හදිසියේ වැඩි කිරීමෙන් විශාල වශයෙන් රජයට බදු ගෙවන වතු කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වන බවත් වතු කම්කරු වැටුප් වැඩි කිරීමෙන් සමාගම් අපහසුතාවට පත් විය හැකි බවත් සඳහන් කරමින් වතු සමාගම් 21ක් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
වතු සමාගම් 21ක් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කම්කරු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචන පෙත්සම ලබන වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා විභාග කිරීමට දින නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි ලංකාවේ හැටි... පොඩි එකා හැමදාම හිඟමනෙ..
අයියෝ පෙබරවාරි 18 වෙනකොට ජනාධිපතිවරණෙ ඉවරයි. ආඬවනේ රනිල්?
Bis Mouth (Manusha) ගේ නොදැනුවත්කමට බෙහෙත් නෑ
මේක වතු කම්කරුවන් ගැන අනුකම්පාවෙන් හදපු ගැසට් එකක් නෙමෙයි ,රනිල්ගේ ජනාදිපති වියරුවේ තවත්එක් නාටකයක්
අත්පුඩි ගහපු සියළුම දෙනාට ජයවේවා.
රනිල් කියන්නේ ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවේ. චන්ද ඔස්තාර් කෙනෙක්. ඒක තමයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ.රට විකුණල හරි පුටුවට යන්න තමයි බැලුවෙ. 2005 මතක් කරගන්න.දැන් මෙයා පිනට ඉන්න නිසා ලොකු හානියක් නෑ.වඳුරා හිටියට දැලිපිහිය නෑ වගේ.
සමහර වතු සමාගම් තම සැබෑ ලාභය සඟවාගෙන පොළී පිරිවැය, ප්‍රධාන කාර්යාල ගාස්තු විශාල ප්‍රමාණයක්, පැහැදිලිව නිර්වචනය නොකළ පාරිතෝෂික ප්‍රතිපාදන, පාඩුවක් ලෙස පෙන්වීමට වතු ගිණුම්වලට විවිධ අයකිරීම් වැනි අනවශ්‍ය හඳුනා නොගත් ගාස්තු අය කරති. නිසි රාජ්‍ය මැදිහත්වීම් සහ එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීම සහ නිසි නීති රීති සහ ක්‍රියා පටිපාටි හඳුන්වාදීම මගින් දේවල් විසඳීමට සහ මහජනතාවට හෙළිදරව් කිරීමට උපකාරී වනු ඇත. සහ ඔයිල් පාම් වැනි ලාභදායී බෝග සඳහා නිසි අධීක්ෂණ පදනමක් සහිතව අවසර දීම දිනකට 1700ක් නොව 2000කට වැඩි මුදලක් ගෙවීමට උපකාරී වේ.