
( ටී.කේ.ජී.කපිල )
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළට අද(05) අලුයම රැගෙනවිත් තිබේ .
බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු , ජර්මන් ෂෙපර්ඩ් ( German Shepherd ) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් ( English Spaniel ) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ද මෙම සුනඛයන් අතර සිටින අතර ඔවුන් නෙදර්ලන්තයේ K.- 10 Working Dog නැමැති පෞද්ගලික සත්ව ගොවිපළකින් මිළදී ගෙන තිබේ .
මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වේ .
මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබුණි .
මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සදහා සුනඛයන් විදේශයකින් ආනයනය කර තිබුණි .
මෙම සුනඛයන් භාර ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත පැමිණ සිටියේය .
මෙම සුනඛයන් එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නීරෝධායන ආයතනය වෙත රැගෙන විත් , එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ කොමිස් එක කීයද ගියේ, කාට කාටද ?
බටහිර රටවල ඉන්න ආරක්ෂක අංශ නිලධාරින්ගෙයි අපියි අතර මාරම වෙනසක් තියෙනවා
කාලෙන් කාලෙට, පොලීසියට බල්ලෝ, බැල්ලියෝ ඩොලර් දීල ආනයනය කරනවා. ඇයි ආනයනය නතර කරලා, අභිජනනය මෙරටම කරලා ඩොලර් ඉතුරු කරගන්න බැරි...කොමිස් නැතිවෙනවටද? කොහොම වුණත් ගෙන්නපු බල්ලෝ, බැල්ලියෝ අභිජනනය කරලා බිහිවෙන පැටව් පොලිස් ලොක්කන්ගේ ගෙදර තමයිනතර වෙන්නෙ....ලංකාවට අබ සරණම තමයි.....
පොලිසිවල ඉන්නෙත් වැඩිහරියක් සුනඛ. වැඩ කරන අය නිසා හොන්දා