ණය ප්‍රතිව්‍යුහගතකරණය බලශක්තියට සවියක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 04 July 2024
අල්ලස් ගත්බව කියන අයි පී රිමාන්ඩ් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් 25000ක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් මහාභාගේ පොලිසියේ පොලිස් පරීක්ෂක ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 04 July 2024
PHI ඝාතකයා ගල්කිස්සෙදී මාට්ටු? ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 04 July 2024
කාන්තා-ළමා නිවාසයක් මුද්‍රා තබයි නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ කාන්තා සහ ළමා නිවාසයක් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල් මහත්මිය විසින් මුද්‍රාතැබීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ. 04 July 2024
චෙස් ශූරයෝ කටුනායකට ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලාංකික බාළක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒවායින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(04) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 04 July 2024
මාදම්පේ අනතුරකින් 35 ක් රෝහලේ හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාදම්පේ පොලිසිය පවසයි. 04 July 2024
මේ වසරේ ජනපතිවරණය පැවැත්විය යුතුයි ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් වන අතර 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය යැයි ජනාධිපති කාර්යාලය පවසයි. 04 July 2024
තරුණ සේවා සභාවේ ’’මඩිය’’ තර වේ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 04 July 2024
ගලේ සිරවී තිබුණු කඩුව අතුරුදන් ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 04 July 2024
වැඩි පිරිසකට ඊ.පී.එෆ් දෙන්න පනතක් සැකසෙයි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 04 July 2024
තලාව ඕ අයි සීට පහර දුන් පහක් අත්අඩංගුවට තලාව , සුමුදුගම ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය කසිප්පු පොලක් වැටලිමට ගිය තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.එම්.එම්.කේ.ලංසකාර මහතාට මන්නා පිහියකින් පහරදි තුවාල කිරීමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 04 July 2024
බඹරු ඇන 67 හැවිරිදි කත මරුට යාපනය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 04 July 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිඇතිවන බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව කියයි. 04 July 2024
අයි.පී. අල්ලස් දැලේ පුද්ගලයකුගෙන් රුපියල් 25000/= අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මහා භාගේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 04 July 2024
රේගුව අද සහ හෙට ලෙඩ වේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේය . 04 July 2024
සුමනා හඬ නිහඬ වේ ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 04 July 2024
ලෝක කොස් දිනය අදයි ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබේ. ප්‍රථම වරට 2016 වසරේදී කොස් (වරකා) ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණු අතර එතැන් සිට සෑම වසරකම ජූලි 4 වැනිදා දින ලෝක කොස් (වරකා) දිනය සමරනු ලබයි. 04 July 2024
ජනපති සටනින් ඉවත් වෙන්නේ නෑ - බයිඩන් කවුරු මොනවා කීවත්, නොවැම්බර් පැවැත්වෙන ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති 81 හැවිරිදි ජෝ බයිඩන් අවධාරණය කර තිබේ. 04 July 2024
අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන් පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි. 04 July 2024
ලක් නිපැයුම් වලට චීනයේ ඉඩ වැඩි වෙයි ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය Wang Lingjung මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය. 03 July 2024
කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත්වන කැකිරාව තිබ්බටුවැව ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබූ ඩෙස් පුටු විකිණීමේ ජාවාරමක් අතටම හසු කර ගැනීඹට කැකිරාව තිබ්බටුවැව ප්රදේහවාසීහු සමත් වූහ. 03 July 2024
වරෙන්තුකරුවෙක් රෝහලෙන් පැන ගිහින් අනුරාධපුර හිදෝගම දි අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි අත් විලංගුව ගලවා ඇඳ මත තබා පැන ගොස් ඇතැයි වාර්තා වේ. 03 July 2024
හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසලක විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද ස්ථාන මාරු කරදෙන ලෙස ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත. 03 July 2024
“රාජකීය ඉතිහාසය’’ ජනපතිට “රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue) පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 03 July 2024
රාජ්‍ය දේපළ විකිණීම පොහොට්ටු ප්‍රතිපත්තිය නොවේ රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ලැබූ නිර්නායකයන් මොනවාදැයි වහාම රටට හෙලිකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. 03 July 2024
කිරි ගොවිපළ අයිතිය අමුල්ට දීමට එරෙහිව විරෝධයක් මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ. 03 July 2024
‘තුවක්කුව අතට දුන්නේ සෙල්ලම් කරන්න නෙවෙයි‘ වෙඩි තැබිය යුතු තැන වෙඩි තැබිය යුතු බවත් තුවක්කුව සෙල්ලම් කිරීමට අතට දුන් දෙයක් නොවන බවත් මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් මහතා පැවසුවේය. 03 July 2024
සම සුදු කරන ක්‍රිම් නිසා වකුගඩු රෝගී අවදානමක් සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 03 July 2024
හම්බන්තොට රෝහලේ විශ්මිත සැත්කමක් නිවුන් දරුවන් පස් දෙනෙකුට සමාන උදරයේ විශාලත්වයකින් යුක්ත මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ පහළොවක් බර ඇති ගෙඩියක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට හැකි වූ බව සැත්කම සිදු කළ මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය. 03 July 2024
අනුමත වැඩ හනික අහවර කරන්න නියෝග 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කිරීමට උපදෙස් නිකුත් කර ඇත. 03 July 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026