
(ටී.කේ.ජී.කපිල )
ජාත්‍යන්තර චෙස් ශූරතා තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලාංකික බාළක ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඒවායින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(04) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙහිදී ආසියානු චෙස් සම්මේලනය මගින් කසකස්තානයේ ඉකුත් 09 දින සිට 21 දින දක්වා පැවැත් වූ ආසියානු යොවුන් චෙස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 10 න් පහළ බාළක තරගයට සහභාගී වූ තෙහස් කිරින්ගොඩ සිසුවා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
එසේම ජාත්‍යන්තර චෙස් සම්මේලනයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ජෝර්ජියාවේ පැවති ලෝක ශූරතා චෙස් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 12 න් පහළ බාළිකා තරග සදහා සහභාගී වූ ඔෂිනි ගුණවර්ධන සිසුවිය ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
COMMENTS