
(එස්.හේරත්)
හලාවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් සහ සිමෙන්ති පටවා ගත් ලොරි රථයක් මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 35 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාදම්පේ පොලිසිය පවසයි
අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක්ද තිබී ඇති අතර අද (04) පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් බස් රථයට සහ ලොරි රථයටද බරපතල හානි සිදුවී ඇත.
සිද්ධිය පිළිබදව මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
COMMENTS