
(රෝෂන් තුෂාර)
නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් 25000ක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට පත් මහාභාගේ පොලිසියේ පොලිස් පරීක්ෂක ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවසූ කරුණු සලකා බැලීමෙන් පසුව මහින්ද ජයසිරි නැමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි .
පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගුරු චෙක්පත් දෙකකට අදාලව මහා බාගේ පොලිසි ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර එම අගරු චෙක්පත්වලට අදාල ඉතිරි මුදල මාසික වාරික ගෙවීමට ඉඩ සලසා දීමට හා පැමිණිලිකරු අධිකරණය ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 25000 අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරන මාර්ගයේ දි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුවෙන්නේ 0.1% කටත් අඩුවෙන්. බොහෝ දෙනා පැමිණිලි කරන්නේ නෑ, බයට. මම දන්න තැනක ආහාර සඳහා ලයිසන් එක අරගන්න ඉදිරිපත් කරන හැම අයදුම් පතක් සමගම රු1000ක් පියන්ට දෙන්න ඕනෑ. මේකයි රටේ තත්වය.