
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
නිවුන් දරුවන් පස් දෙනෙකුට සමාන උදරයේ විශාලත්වයකින් යුක්ත මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ පහළොවක් බර ඇති ගෙඩියක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට හැකි වූ බව සැත්කම සිදු කළ මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.
වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් අටක් වන එක්දරු මවකට අද උදෑසන සැත්කම සිදුකර ඇති අතර මේ වන විට මව නිරෝගී සුවයෙන් පසුවන බව හම්බන්තොට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සැත්කම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සමග සහාය වෛද්‍යවරුන් දෙදෙනකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වරයකු හා හෙද නිලධාරිනියන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර ගානක සිට ටිකෙන් ටික උදරය ඉදිමින් තිබූ බැවින් ගැස්ට්‍රයිටිස් සඳහා විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් උදරය උසුලාගස්ථ නොහැකි තරමට ඉදිමීම හේතුවෙන් හම්බන්තොට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණි ඇත.
ඇයගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන කඩිනමින් සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට රෝහලේ විශ්මිත සැත්කමක්
A.C.M.ඉනායතුල්ලා Wednesday, 03 July 2024 09:10 PM
වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍ය කණ්ඩායමේ කාර්යක්‍ෂම හා දක්ෂතාවයෙන් ඇය හොඳින් කරමින් සිටි මෙම අපූරු ශල්‍යකර්මය අපි ඉතා අගය කොට ප්‍රශංසා කරමු. මෙම දුෂ්කර කාර්යයේ නියැලී සිටින ඔබ සැමට අපි අවංකවම ස්තූතිවන්ත වෙමු...
Range samanmali Thursday, 04 July 2024 10:28 AM
ගෑස්ට්‍රයිටීස් වලට බෙහෙත් දුන්න දොස්තර ට ගහල පන්නන්න තියන්නේ . රුසියා, චීන වලින් උපාධි ගත්ත එක්කෙනෙක් වෙන්න ඇති නේද ?