(ප්‍රදීප් කුමාර)

යාපනය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් කාන්තාවක් ‍මියගොස්  ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.

කාන්තාවට බඹරු ඇනීමෙන් පසු ප්‍රතිකාර සඳහා තෙල්ලිප්පලේ රෝහලට ඇතුලත් කොට ඇතත් එහිදී ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.

සෙට්ටිකුරුච්චි, පණ්ඩතරිප්පුහි  පදිංචි ගුනසේකරම් වරදසිරෝමනි නමැති 67 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

කාන්තාව නිවස අසල වූ ඉඩමක තල් කොළ කඩමින් සිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ.