IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කිරි ගොවිපළ අයිතිය අමුල්ට දීමට එරෙහිව විරෝධයක්

(නිමල කොඩිතුවක්කු)

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ විකිණීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද(03) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණ.

"දේශීය කිරි කර්මාන්තය අමුල් සමාගමට බිලිදීම වහා නවත්වනු, දේශීය කිරි කර්මාන්තය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කරනු, දූෂිත රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ සැලසුම් පරදමු,  අක්කර තිස්දහසක් අමූල් සමාගමට විකුණන රනිල් රාජපක්ෂ දූෂිත ආණ්ඩුවේ සැලසුම් පරදවමු" ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් කොළඹ ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට සැලසුම් කර තිබුණත් අධිකරණ නියෝග මත එම පා ගමන අවලංගු කෙරිණ. විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව ඉදිරිපිට එක මන්තීරුවක ගමනාගමනයටද බාධා එල්ල විය. විරෝධතාවය සඳහා පොලිසිය, ජල ප්‍රහාරක රථ ආදිය කැඳවා තිබිණ.

විරෝධතාවය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද ඊට එක්වූ අතර විරෝධතාකරුවන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.

ජාතික පසු සම්පත් මණ්ඩලය සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය   ඇතුළු සංවිධාන එක්ව මෙම විරෝධතාවය පවත්වනු ලැබීය.

(ඡායාරූප : ශාන්ත රත්නායක)



අදහස් (5)

කිරි ගොවිපළ අයිතිය අමුල්ට දීමට එරෙහිව විරෝධයක්

මැක්ස් Wednesday, 03 July 2024 09:11 PM

මේ මොන විහිළුවක් ද? ජවිපෙ නායකයෝ ඉන්දියාවට ගිහින් අමුල් ලොක්කෝ මුණ ගැහිලා මිල්කෝ දේපළ විකිණීම ගැන මීක් නැතුව ඒවාට සහයෝගයත් දීල එනවා. මෙහෙදී නාමල් කරුණාරත්න නමැති ජවිපෙ ගෝලයා දාලා උද්ගෝෂණ සංවිධානය කරනවා. ඩබල් ගේම් යනු කලාවක් නම් ජවිපෙ නායක මහත්තුරු එහි පිකාසොලාම තමයි.

:       0       0

sunimal Thursday, 04 July 2024 01:55 AM

ළඟදි දවසක මම ගියා රජයේ තවානකට ගම්මිරිස් පැළ 500 ක් ගන්න . එතන හිටපු මිනිස්සු 8 දෙනෙක් පැය 4 කට වඩා වෙලාවක් ගත්ත මේ පැළ 500 මගේ බට්ට ලොරියට පටවන්න . මෙතනත් ඒ වගේ ය තමයි 99%ක්ම ඇත්තේ. රජයේ කියන ව්‍යාපාර සියල්ලම විකුණන්න ඕනෑ . රජයේ ණය බර මේ තත්වෙට එන්න මේ වගේ වැඩත් විශාල බලපෑමක් වෙලා තියෙනවා .

:       0       3

Ruwan De Silva Thursday, 04 July 2024 06:43 AM

අමුල් කියන්නේ ඉන්දීයාවේ රජයට අයිති ලාභ ලබන සමාගමක්, අමුල් යුරෝපයේ, ඇමරිකාවේ ජනප්‍රිය සන්නාමයක්, චීස්, බටර් වුනත් හරි ගුණාත්මක භාවයෙන් තියෙන්නේ. මම හිතන්නේ මිල්කෝ එක ලංකා රජයට පාඩු පිට වුනාට අමුල් එකට දුන්නම ලාභ පිට ලාභ ලබයි. එහෙම නැත්තං ඉතිං සමාගමකට දුන්නත් එකයි. මමත් ඉස්සර වැඩ කරපු නිසා දන්නවා අතිරික්ත කිරි කියලා කාණුවට හලනවා කිරි, ජාතික අපරාධ, කවදාවත් ෆොන්ටෙරා එක එහෙම විනාශ වැඩ කරේ නෑ.

:       0       2

බොරු රොබින් හුඩ් Thursday, 04 July 2024 10:37 AM

ටෙන්ඩර් දාලා නම් කමක් නැහැ .

:       0       1

සෙනෙවිරත්න Thursday, 04 July 2024 12:25 PM

පාඩු ලබන ඒවා විතරක් නෙවෙයි ලාබ ලබන ඒව පවා බලෙන් පිටරැටියන්ගේ ඇඟේ ගහන ක්‍රමයක් මේ, මෙයට එරෙහි වෙමු

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site