IMG-LOGO

අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්

වසර 51,200 ක් පැරණි, ලෙන් චිත්‍රයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත.

පුරාවිද්‍යාඥ කණ්ඩායමකට මෙම චිත්‍රය හමුවි ඇත්තේ ඉන්දුනීසියාවට අයත් දකුණු සුලවේසී දූපතේ පෙංග්කෙප් පළාතේ වනාන්තරයේ පිහිටි හුණුගල් ලෙනකිනි.

මෙම ලෙන හැඳින්වෙන්නේ ‘ලියං කරම්පුඅං’ යනුවෙනි.

ලෙන් චිත්‍රයේ වයස නිර්ණය කිරීම සිදුවූයේ එය පරීක්ෂණවලට යොමු කරමිනි. කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති ලෙන් චිත්‍රයේ මිනිස් රූපයක් සහ වල් ඌරකුගේ රූපයක් දකින්න ලැබෙයි. 

මීට පෙර ද වසර දහස් ගණනක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවේ වනාන්තරවලින් සොයා ගෙන ඇත.

කෙසේ නමුත් පුරා විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන්ට හමුවුණු පැරණිතම ලෙන් චිත්‍රය මෙය බවය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (5)

අවුරුදු 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර ඉන්දුනීසියාවෙන්

සෙනෙවිරත්න Thursday, 04 July 2024 12:11 PM

මේක තමයි යථාර්ථය , ඒ කාලෙ මිනිහට තිබිය හැකි ලොකුම සම්පත් තමයි ඌරන් මුවන් වගේ ආහාරයට ගතහැකි වන සතුන්, අමතරව ගොලුබෙල්ලන්,තලගොයි, වගේ සතුන්. ඒකයි ඕව චිත්‍රයට නගල ඇත්තෙ.මනුෂ්‍ය ඉතිහාසය ගත්තම වසර පනස් දහස ලොකු කාලයක් නෙවෙයි , මිනිහ දැන් ඉන්න ශිෂ්ඨත්වයට පත්වෙලා වසර හයදාහක් ඇති, ඒක මනුෂ්‍ය ඉතිහාසය එක්ක ගත්තම අසුරු සැනක්. ආගමික විශ්වාස , පුනරුප්පතිය , දේව සංකල්ප සේරම ඔය වසර හයදාහ තුළ තමයි. එතකොට වැටහෙනව ඇති ආගමික විශ්වාස සහ, දෙවියන් සම්බන්ධ අපි කලබල විය යුතු නැති බව, විශේෂයෙන් කර්මය පුනරුප්පත්තිය, සේරම එක එක්කෙනාගෙ මනෝ ලෝකවලින් බිහිවෙච්ච අපගේ දියුණුවට බාධාවන සංකල්ප බව සියල්ලටම පෙනෙනු ඇත.මේ ජීවිතයෙදි හෘද සාක්ෂියට එකඟව විසීම තමයි කලයුත්තෙ.

:       7       7

ලසන්ත Thursday, 04 July 2024 02:10 PM

එතකොට සෙනෙවිරත්නගේ දියුණුව වල් ඌරෝ මුවෝ දඩයම් කරං කන එකද?.

:       9       2

සෙනෙවිරත්න Thursday, 04 July 2024 07:16 PM

එහෙමනම් ලසන්ත දියුණුව කියන්නේ ආගමික විශ්වාස වල එන හැටියට කොන්ක්‍රීට් පිළිම, ගස් වන්දනාවද? අන්තර් ජාලයෙන් රාහුකාලය බලලා වැඩකරන එකද? ආගමික විශ්වාස තමයි අපේ පසුගාමිත්වයට ප්‍රධානම හේතුව...

:       3       2

ලසන්ත Friday, 05 July 2024 09:46 AM

ආගම මිනිසා ශීලාචාර කරයි. නමුත් ශීලාචාර වීමට ආගමක් අවශ්‍යම නොවේ. ලෝකයේ කිසිදු ආගමක් නොඅදහන ශීලාචාර මිනිසුන් ඕනෑතරම් මට හමුවී තිබේ. ඔවුන් නීතිගරුක, උගත්, සමාජය පිළිබඳ අවබෝධය ඇති, අනෙකාගේ සතුටින් ජීවත්වීමේ අයිතිය පිළිගන්නා ගුණවත් පුද්ගලයින් මිසක මස්වැද්දන් නොවේ. ගස්, පිළිම සංකේත පමණි.

:       0       0

Ishan Saturday, 06 July 2024 08:40 AM

අපේ මහා සම්මත මනු රජ මීට වඩා පරණයිලුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 701 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1097 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site