
(අංජුල මහික වීරරත්න)
ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය Wang Lingjung මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය.
චීන උප අමාත්‍යවරයා සහ මහින්ද අමරවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගා කරන තේ, පොල්, මෙන්ම අන්නාසි සහ කුළුබඩු වර්ග මෙන්ම ධීවර නිෂ්පාදන වැඩිදුරටත් චීන වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා පුළුල් කිරීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.
ලංකාවේ නිෂ්පාදනය කරන උසස් ප්‍රමිතියෙන් යුත් එළවළු සහ පළතුරු මිලදී ගැනීමට චීන රජය ඉදිරි කාලයේ කටයුතු කරන බව ද චීන උප අමාත්‍යවරයා සඳහන් කළේය
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2023 දී මහජන චීනයට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ලද සමස්ත කෘෂිකාර්මික අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 3.3ක් බව අවධාරණය කළේය. එමෙන්ම චීන රජය විසින් මෙරටින් මිලදී ගන්නා ලද තේවල වටිනාකම 2.5%කින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් නම් චීන සමාගම් ලංකාවට පැමිණ ඔවුන්ට ආයෝජනය කර කර්මාන්ත ශාලා ඇතිකර එම අවස්ථාවන් සඳහා පහසුකම් ලබාදීමට රජය කටයුතු කළයුතුවේ. එවිට ඔවුන් විසින් නවීන තක්ෂණය යොදා ගැනීම සිදුවනු ඇත. ගිවිසුම් ගතවීමේදී සියලු රැකියාවන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත යුතු බවට කොන්දේසියක් තිබිය යුතුවේ. චීනය ගුවන්යානා මිලදී ගැනීමේදී පවා ඔවුන් එම ජාත්‍යන්තර සමාගම් වෙත ඇණවුම් කිරීමේදී සියලු (90%) නිෂ්පාදනයක් සහ සේවකයන් චීන ජාතිකයින් විය යුතු බවට කොන්දේසියක් ඇතුළත් කිරීම සිදුකරයි.
අපේ අපනයනය අතින් චීනය තමයි ලෝකේ අංක 1 එහෙම එක මොන එහකඩදේ චීනයට ලංකාවෙන් මිලදී ගන්නේ
ඉතා හොදයි . හැබයි ගොවියට ආදායම ලැබෙන විදියට සිස්ටම් හදාන්න . අතරමදියෝ කෝටි ගණන් හම්බ කරනවා . වගාකරුවෝ වහ බීල මෙරෙනවා .
කළයුතු මෙයයි. ඩොලර් බාගයක් උපයට බඩුවක් හදවලා රට යවනවමු. කොළ කැඳ කඩ ආප්ප කඩ ලොතරැයි කූඩු හදල රට ගොඩගන්න බැහැ.