
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් වන අතර 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය යැයි ජනාධිපති කාර්යාලය පවසයි.
2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වලක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චමින්ද්‍ර දයාන් ලේනව යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර ඇති පෙත්සම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.
පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක් හෝ උපදෙස් ලබා ගැනීමක් සිදුකර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.
අදාල පෙත්සම ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 82(6), 3, 4, 118 සහ 125 වගන්ති සමඟ කියවිය යුතු 126 වැනි වගන්ති ප්‍රකාරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙහි 3 වන වගන්තිය මගින් සංශෝධනය කරන ලද 30(2) වැනි වගන්තිය අර්ථ නිරූපනය නොකළ යුතු බවට වන නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් බව සැලකිල්ලට ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු 2024 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ඉදිරි පියවර ගැනීම වලක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ද අදාල පෙත්සම මගින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට තේරෙන්නේ මම කොහොන්ද හිනා වෙන්න ඕනෑ කියලා මේ නාට්‍ය ජවනිකාවට ..
( පෙත්සම් කාර පාර්ශවය තමාගෙන් හෝ තම නීතිඥවරුන් ගෙන් අදහස් හෝ උපදෙස් ලබා නොගත් බව) හොරාට , අම්මා ගෙන් පේන අහන්න ඕනෑය? නේද?
අනේ මෙයා බබා
අපි නොදන්නා රනිල්
අයියෝ සාමි වැඩේ අන්තිමටම අනාගත්තා නේද ? රිලවට පවන් ගහන්න දුන්න රජුට උන දෑ නේද කොර ගත්තේ ? දැන්නම් චන්දෙන් ඉවත්වීම හැර විකල්පයක් නැතිවා නේද ?අයියෝ සාමි අයි අයියෝ සාමි උනා නේ ?
අම්මට උඩු, අපේ ලොක්කගේ ටිකිරි මොලේ. මට නං ඕන නෑ, ඒ උනාට මම අධිකරනයට ගරු කරන්න කරල තව අවුරුද්දක් ඉන්නවා. ජහමනයාට බම්බු ගහන්න වෙනවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ඉබ්බා දියේ දානකොට කිව්වෙත් ඔය කතාවම තමා.
ලොක්කා බබා. මොකුත් දන්නෙ නෑ. පොඩි වෙට්ටුවක් දාන්න හදන්නේ, ගෝලයෙක් ලව්වා.
ස්ථාවරයට අගය කල යුතුය
මුන් ඔක්කෝම කතා කරන්නේ අපි මේ හරක් කියලා හිතාගෙන හිතලා වගේ මිනිස්සු නරියා කියන්නේ නිකන් නෙමෙයි නේ
හොරාට කලින්, කෙහෙල් කැන වැට පැන්නාද මන්දා ..
මුට්ටිය දාලා බැලුවා. වැඩේ හොඳටම පත්තු වුණා. ගෝඨාභයට අත්වූ ඉරණම මතක් වුණා. ඔක්තෝබර් 16 වෙනකන් වත් ඉන්න බැරිවෙයි කියලා හිතලා නිවේදනයක් දැම්මා . ටිකිරි මොලේ. දැන් ඉතින් බඩු අස්කරගෙනම ලැහැස්ති වෙන්නේ ගෙදර යන්න. තිබ්බ පොඩි චාන්ස් එකත් කුඩු පට්ටම් වුණා
මුට්ටිය දානවා කුඩු වෙන්න කනවා ආපහු හකුල ගන්නවා
මෙයා බබා, ඒ පෙත්සම ගැන දන්නේම නැහැ. ගහන්න පුලුවන් හැම දහම් ගැටේම ගහනවා,තව කලක් පුටුවේ ඉන්න. ගෝලයන්ගේ හඬ මෙයාගෙ හඬම තමයි.
අපි කොහෙන්ද හිනා වෙන්න ඕනෑ කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට කියන්න අමතක වෙලාද කොහෙද ?
කාලකන්නි මිනිසුන් බොහෝ විට නූගත් නොවෙද? රටටම වද දෙන මිනිසුන් නඩු තීන්දු පසු පස යන්නේ කාගෙ උවමනාවටද?
ශිෂ්ට සම්පන්න රටවල් ජනතා පරමාධිපත්‍යට ගරු කරන අතර,ලංකාවේ බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් සදහටම බලයේ ඉන්ඩයි හදන්නේ?
එහෙම නම් ජනාධිපති බලතල පාවිච්චි කරලා ජනාධිපතිවරනෙට දිනයක් නියම කරන්න , අධාල පාර්ශව වලට පුළුවන් සුදානම් වෙන්න පෙත්සම අවශ්‍ය වෙන්නේ නැහැ ,
දාන්න පුළුවන් හැම උප්පරවැට්ටියක්ම දාලා බැරිම තැන චන්දය තියනවා කියනවා .නරියත් මිදි ඇඹුල් කිව්වලු කන්න බැරි උනාම.සුද්දෝ සිංහලයන්ගේ කොඳු කඩලා උඹලාට බලය දුන්නට මේක සිංහල රට
ඡන්දෙකට සෑහෙන්න බය පිරිසකුත් ඉන්නවා කියලා හොඳටම පැහැදිලියි.
මෙයා බබා , මොකුත් දන්නේ නැහැ ..? පට්ට බොරු. දැන් කියනවා එත්සම දමන්න කලින් මෙයාගෙන් අහන්න තිබුනාලු.. (නිදහස් මිනිසෙකුට ශ්‍රේෂ්ටාධිකරණයට යන්න රටේ ජනාධිපතිගෙන් අහන්න ඕනා නැහැ . ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ රටේ නිතිය පසිඳන ගෞරවනීයම තැනයි.) වැඩේ අප්සට් වුනබව හපුයියාට තේරුනා.. මිනිස්සු ඇවිස්සුනොත් ගඩාෆිට වුනදේ අනිවාර්යයෙන්ම තමන්ටත් සිදුවනබව , මිනිස් ලේ දකින්න පුදුම ආශාවක් ඇති නාකි හපුයියාට දැන් දැනෙන්න පටන් අරගෙන...
ඡන්දෙ නැති වුණොත් ගෝඨාභයට වුණ දෙයට වැඩිය භයානක දෙයක් තමුන්ට වෙන්න පුළුවන්,
අගෝස්තු මාසය තුල ඡන්දයට දින නියම නොකලොත් ආයේ කතාදෙකක් නැහැ අනිවාර්යයෙන් මිනිස්සු ලක්ෂ 20 පමණ කොළඹ එනවා ඔවුන්ට කොළඹින් තව ලක්ෂ 7-8 එකතුවෙනවා , ඔවුන් එන්නේ මාස ගණන් ගෝල්ෆේස් එකේ කඳවුරු බැඳගන්න බලාගෙන නොවේ , දවසෙන් දෙකෙන් රනිල් රාජපක්ෂ අලලා හිරේ දමලා වැඩේ කෙළවරක් කරන්න , පැනල යන්න මෙදපොටේ බැරිවේවි , එක නිසා කල් ඇතිව දිනයක් නියම කරන්න ,
අනේ සියේ මේ නහින දෙහින කාලේ කොල්ලන්ගෙන් ගුටිකාලා නහින්න හදන්නේ නැතුව එහෙම නැතිනම් හිරේ විලංගුවේ වැටිලා හිරකරන්ගෙන් ගුටිකාලා මැරෙන්න නැතුව ඉක්මනට ඡන්දෙට දිනයක් නියම කරලා ඡන්දෙ දවසට කලින් දවසේ ප්ලේන් එකේ නැගල එංගලන්තේ පදිංචියට යන්න .
මේ පෙත්සම නිසා ජනාධිපතිවරණේ ප්‍රමාද වුනොත් මුලින්ම මේ මගුල දමපු චමින්ද දයාන් කියන කෙනාව අල්ලලා උගේ හතර හන්දි කඩලා ඉන්න ඕනේ, ඡන්දේ තිබ්බා කියලා මොකක්ද කඩ වෙන්නේ ?
"කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි ." ඕක කෙරෙව්වේ කවුද කියලා හැමෝම දන්නවා..
එංගලන්තයට මෙයා එපාද? වජිර කියන විදිහට මෙයා තමා ලංකාවේ සිටින එකම සහ අන්තිම වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ දේශපාලකයා, වැඩ බලු වුණාට නමට නම් මිස්ටර් ක්ලීන්, මෙයාගෙන් ටියුෂන් ගතහොත් බොරිස් ජෝන්සන්ට පස්ස දොරෙන් වුණත් පාර්ලිමේන්තු එන්න පුළුවන්... ප්‍රශ්නෙකට තිබෙන්නේ කලිසම හැලෙන එක පටියක් දමලා බෙල්ලේ එල්ලුවාම ප්‍රශ්නෙත් විසඳෙනවා...
කවුරු කොහොම කිව්වා වුණත් එක්කෝ අධිකරණයට ගිය පුද්ගලයා වත්මන් ජනාධිපතිට අපහාස කිරීම සඳහා කණ්ඩායමක් එකතුවෙලා කෙනෙක් ඉදිරිපත් කර කටයුතු කරනවාද කියලා සැකයක් ඇතිවෙනවා. ඒකට හේතු කිව්වොත් මේ වසරේ අයවැය යෝජනාවක් මගින් වත්මන් ජනාධිපති මෙන්ම මුදල් ඇමැතිවරයා හැටියට මේ වසරේ ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන්කළා. ඒ වෙලාවේ හදිසියේම ලංකාවට ආපු කපුටා ජනාධිපතිවරණයට පෙර මහාමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න කියලා අවස්ථා කීපයක් බලපෑම් කළා... එහෙම කලේ පොහොට්ටුවේ කෙනෙක් හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැන්වීමට කියලා හිතෙනවා. ඒක ජනාධිපති නොපිළිගත් නිසා ජනාධිපතිවරණය කල්දාලා මහමැතිවරණය සඳහා මාර්ගය සැකසීම සඳහා පොහොට්ටුවේ අය කළ කුමන්ත්‍රණයක් හැටියට හෝ වත්මන් ජනාධිපතිට අපහාස කරන්න ජනාධිපති වෙන්න අපේක්ෂක කෙනෙකුගේ සැලසුමක් මත අධිකරණයට ගියාද කියලා සැකයක් ඇතිවෙනවා...
මට කියන්ඩ තියෙන්නෙ ඊයා කියල.. නොදෝකින් මෙහෙමත් පඩංගු.. හෙංචයියො දාලා