
(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසය
ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දිය ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ
COMMENTS
කුඩා කල ඔබ අපිට දුන් දැනුම, ඔවදන් මතින් අද සමාජයේ සමබර ආදර්ශමත් ජීවිත ගත කරන්නට අපට හැකියාව ලැබී ඇත. අපේ හඳ නැන්දේ හඳ මාමා එක්ක ආයෙත් අපිව බලන්න එන්න.
කුඩා කල අප නැළවූ ඒ ප්‍රතාපවත්, සෙනෙහෙබර කට හඬ! නිවන් සුව ලැබේවා ඔබට හඬ නැන්දේ!
අපිට දුන් දැනුම, ඔවදන් මතින් අද සමාජයේ සමබර ආදර්ශමත් ජීවිත ගත කරන්නට අපට හැකියාව ලැබී ඇත. ඔබට නිවන් සුව ලැබේවා !!
හඳ නැන්දා ඔබට නිවන් සුව
සුබ ගමන්!
හඳ නැන්දා ඔබට නිවන් සුව
අනේ මෙතුමියල නෙවෙයි අර ලංකා ගුවන් විදුලි සංස්ථාව අරක්ගෙන ඉන්න හඩ්ඩොනෙ යන්න ඕනෙ. අපි ආසාවෙන් අහපු සිංහල වෙළඳ සේවෙන් දැන් වැඩියෙන් ඇහෙන්නෙ ඉංග්‍රීසි. ඒකත් කොහෙද යන හාල්පාරුවෙක්ගෙ ගෝරණාඩුවක්. ජයතිලක මැතිණියනි, ඔඹට අජරාමර නිවන් සුව.
අපි චුටිම චුටි කාලේ ගුවන් විදුලියේ " හඳ මාමා " වැඩසටහනින් එතුමිය අපිව ඇමතුවේ " පොඩිත්තන් සහ පොඩිත්තියන් " කියලා . ඉතාම වටිනා අවවාද වලින් අපේ සිත් පුරවා , හොඳ නරක කියාදී, " හොඳ මිනිසෙක් " ලෙසින් අපිට ජිවන මගේ මේ තාක් දුරට ඇවිදගෙන යන්නට ඔබතුමිය දුන් දිරිය,ශක්තිය ..අවවාදම ඇති ඔබ තුමියට උතුම්වූ නිවන අත්විඳින්නට. නැන්දාට නිවන්සුව ලැබේවා !!! අපි චුටිම චුටි කාලේ ගුවන් විදුලියේ " හඳ මාමා " වැඩසටහනින් එතුමිය අපිව ඇමතුවේ " පොඩිත්තන් සහ පොඩිත්තියන් " කියලා . ඉතාම වටිනා අවවාද වලින් අපේ සිත් පුරවා , හොඳ නරක කියාදී, " හොඳ මිනිසෙක් " ලෙසින් අපිට ජිවන මගේ මේ තාක් දුරට ඇවිදගෙන යන්නට ඔබතුමිය දුන් දිරිය,ශක්තිය ..අවවාදම ඇති ඔබ තුමියට උතුම්වූ නිවන අත්විඳින්නට.නැන්දට නිවන්සුව ලැබේවා !!!
"නැන්දාට අමරණීය වු නිවන් සැප ලැබේවා " මට අවු:57, එදත් මට නින්දා, හෙටත් මට නින්දා, හඳමාමා වැඩ සටහන ආරම්භ කිරීමට පෙර යන වාදනය එක්ක ගැඹුර සහ නිවැරදි භාෂා උච්චාරණයකීන් යුත් ඈව දකින්නෙමි. අදටත් ඒ මතකය අවදි කරන්නේය...
ගෙදරම සිටි මගේම ආදරනීය නැන්දා නැතිවුණා වගේ... ආදරනිය හඩ නිහඬ උවත් මතකය සදහටම පවතිවි. අජරාමර නිවන් සුව
භාෂාවේ ජීව ගුණයෙන්ම පිවිතුරු හදවත්වලට විසිතුරු සිතිවිලි එක්කර දැයක් සැනසු ඔබ අසමසමයි. දරුවන්ගේ හදවත් කෙලසන වත්මන් මාධ්‍යයින්ට ඔබේ දූවිල්ලක්වත් පයගැටී නොමැත.