( සිතුම් චතුරංග)

නිත්‍යානුකූල නොවන ආකාරයෙන් යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ කාන්තා සහ ළමා නිවාසයක් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල් මහත්මිය විසින් මුද්‍රාතැබීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ‘අභයම්‘ නැමති මහජන පැමිණිලි මධ්‍යස්ථානය වෙත මෙම කාන්තා සහ ළමා නිවාස දෙක සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලිමත සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව කාන්තා නිවාසය සහ ළමා නිවාසය මුද්‍රා තැබීමට දැනුම් දුන් බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පැවසීය.

 කාන්තා නිවාසය අවිධිමත්ව පවත්වාගෙන යාම සහ ලියාපදිංචි නොකළ ළමා නිවාසයක අනිසි ලෙස සී.සී.ටී.වී කැමරා සවිකිරීම පිළිබඳව ‘අභයම්‘ ඒකකයට පැමිණිලි ලැබී තිබූ බවත් තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති බවත් සඳහන් කළේය.

එම ළමා නිවාසයේ භාරකරුවන් විසින් බාලවයස්කාර දරුවන්ගේ දර්ශන අනිසි ලෙස සී.සී.ටී.වී කැමරා ඔස්සේ නිරන්තරයෙන් පටිගතකර ඇති බවත් අනාවරණයවී ඇති බවත් පැවසේ.