ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට
මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර පානයක් කර ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති ධීවර කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය.