(නාමල් පතිරගේ සහ යොහාන් භාසුර)
පැරිස් ඔලිම්පික් උළෙල (2024) මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ තහවුරු කර ගැනීමට මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න හා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ අද ( 2) සමත් වූහ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය එය තහවුරු කර සිටියේය.ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීමට එහිදී සමත්වීම කැපී පෙණුනි.
ඒ අනුව එම ශ්‍රේණිගත ලකුණු ක්‍රමයට අනුව පැරිස් ඔලිම්පික් උළෙල සදහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා දිල්හානි ලේකම්ගේ 26 වැනි ස්ථානයටද මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවන් 45 දෙනා අතරින් 45 ( අවසන්) ස්ථානයටද පත්වෙමින් එම අවස්ථාව හීමි කර ගත්හ.
ජූලි 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන 33 ,වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් පිරිමි ඉසව් වෙතින් ක්‍රීඩකයෙකු නිර්දේශ කර ගැනීමේ අවස්ථාව සැළසී තිබේ.එම අවස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශනට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන දර්ශන අබේකෝන්ට හිමිව තිබේ.
එම අවස්ථාව ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අරුණ දර්ශන හිමි කර ගැනීමට අපොහොසත් වුවහොත් පමණක් මිටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ යුපුන් අබේකෝන්ට හිමි වීමට නියමිතය.
කෙසේවුවත් මේ වන විට ඉතාලියේ සිට දිවයිනට පැමිණ සිටින යුපුන් පාදයක මස් පිඩු ආබාධයකින් පසු වන බැවින් ඔහුට පැරිස් ඔලිම්පික් සහභාගිත්වය තහවුරු කර ගැනීම සදහා ශාරීරික යෝග්‍යතා පරික්ෂණයකට පෙනී සිටීමට සිදුව තිබේ.
මේ වනවිට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා හැරෙන්නට පැරිස් ඔලිම්පික් උළෙල සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පමණි.
-------------------------------------
(යොහාන් භාසුර)
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.
තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ඉසව්වට ද, නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම කාන්තායි ඉසව්වට ද, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී සහභාගී වෙති.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තරුෂිට - නදීෂාට ඔලිම්පික් වරම්
Billabong Wednesday, 03 July 2024 12:26 AM
තරූශි දුවට ඔලිම්පික් සටන ලේසියි මෙහෙ ඉන්න වලකපන්න හදපු මල පෙරේතයන් එක්ක සටන් කරල යන්න තැන හදාගන්න වින්ද දුක් වලට වඩා.
නෙලුම් Wednesday, 03 July 2024 05:56 AM
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අඩු උනාට නිළධාර නිළධාරිණියෝ නම් හැටහුටාමාරක්ම තේරිලා ඇති
fairoos Wednesday, 03 July 2024 11:00 AM
සුබපැතුම්..!
DM Wednesday, 03 July 2024 04:27 PM
ක්‍රීඩිකාවෝ දෙන්නට නිලධාරීන් කීදෙනෙක් ප්‍රංශයට යනවද කියල හොඳට අවදියෙන් ඉන්න.
ජුනයිඩ් නානා Wednesday, 03 July 2024 07:13 PM
තරුෂි දුවට කැපිල්ල දාලා නොදුවන යුපුන්ව යවන්න වෙන්න ඇති ක්‍රීඩා බලධාරීන් දත කෑවේ. ටෝකියෝ ඔලිම්පික් වලට ගිහිල්ලත් යුපුන් දිව්වෙ නෑ.