IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක කොම්පඤ්ඤවීදිය සුඛෝභෝගී නිවාස සංකීර්ණයක 67 මහලින් පැන සියදිවි නසාගෙන ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත සහ කැලණිය පදිංචි සිසුවකු සහ සිසුවියක බව පොලිසිය කියයි.

මියගිය සිසුවිය සහ සිසුවා ජාත්‍යන්තර පාසලේ එකම පංතියක ඉගෙනුම ලබන අතර පාසල නිමවීමෙන් අනතුරුව තීරෝද රථයක නැග පැමිණ ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වන මහලින් බිමට පැන ඇති ඔවුන් දෙදෙනා එහි 3 වන මහලට වැටී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

 



අදහස් (3)

සිසුවෙක් සහ සිසුවියක් ගොඩනැගිල්ලක 67 වන මහලින් පැනලා

Lankaputha Wednesday, 03 July 2024 03:46 AM

එය සියදිවි නසා ගැනීමක් බව පොලිසිය තීරණය කරන්නේ කොහොමද ?

:       1       2

අප්පොච්චි Wednesday, 03 July 2024 05:18 AM

කොහොමද අවුරුදු පහලොවට දැනිච්ච ආදරේ වේදනාව? ඉස්කෝලවල ලව් ස්ටෝරි ‌දැන් හැම ටීවී නාලිකාවකම යනවා. ඉතිං ‌ඔව්වා බලලා පොඩි වයසෙදිම ලොකු මිනිස්සු වගේ හැසිරෙනවා. අපේ කාලෙ ඔහොම තිබ්බෙ නෑ අපේ හාන්දුරුවනේ !

:       4       12

අශෝකමාලා Thursday, 04 July 2024 08:14 AM

දුකයි. පොඩි උන් දෙන්නෙක් පඩිපෙළ දෙපැත්ත ආරක්ෂක මදිලු.සෙල්පියක් ගන්න ගිහින් වැටෙන්නැති. ආයෙ කිසිම ආත්මයක ඔහොම දෙයක් ඔයාලට වෙන්න එපා.සුභ ගමන් දරුවනේ.අනෙක් දරුවන්ට ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕවට තව කල් තියෙනවා.දෙමව්පියන්ගෙ මුදලින් ජීවත් වෙන තාක් කල් හොඳට ඉගෙන ගන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site