
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකු ඇතුළු උසස් නිලධාරීන් 15 දෙනකුට පොලිස් කොමිසමේ නිර්දේශ පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජී.අයි.ඩී.අර්. විජේසිංහ මහතා නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ,අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජි.ඒ.එන්.එල්. විජේසේන මහතා කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල මහතා අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත.
එමෙන්ම මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එල්.යූ.ඒ. සරත් කුමාර මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එල්.යූ.එන්.පී. ලියනගේ මහතා කුරුනෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් පත්කර ඇත.
යාපනය කොට්ඨාස බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒජේ. විශාන්ත මහතා මඩකලපුව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂ තනතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එන්. ද සොයියා මහතා මාතර හා හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය මහතා කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්කර ඇත.
ඊට අමතරව පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතා කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙසත්, ගම්පොළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ඒ.ආර්.පී. අමරසිංහ මහතා තෙල්දෙණිය කොට්ඨාස බාර නිලධාරී ලෙසත්, හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එල්.ඒ. සූරියබණ්ඩාර මහතා යාපනය කොට්ඨාස බාර නිලධාරී ලෙසත් මාරුකර ඇත.
ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතා පුත්තලම කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, විභාග කොට්ඨාසයේ පොලිස් අධිකාරී ජී.බී.ජේ.එස්. චන්ද්‍රසේකර මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, මීගමුව කෝට්ඨසයේ පොලිස් අධිකාරී ඒ.පී.එස්. අමරතුංග මහතා හලාවත කොට්ඨාස බාර නිලධාරී ලෙසත් පොලිස්පතිවරයා පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ 15කට ස්ථාන මාරු
Surain Tuesday, 02 July 2024 04:11 PM
එයා චන්දෙට දැන්ම ඉඳන් ලෑස්ති ව්නේවා වගෙයි
sam Wednesday, 03 July 2024 08:22 AM
ඡන්දෙට වැඩ අල්ලලා වගේ...