
ඉන්දියාවේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 116 ක් මියගියහ. මියගිය එම 116 දෙනාගෙන් 106 දෙනකු කුඩා දරුවන් සහ කාන්තාවන් බව ද පැවැසෙයි.
තෙරපිම හටගත්තේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති ‘සත්සංග්’ උත්සවය අතරතුරේය. මෙය වාර්ෂිකව පැවැත්වෙන උත්සවයකි. මෙවර ‘සත්සංග්’ උත්සවයට ද වෙනදා මෙන් දහස් ගණනක් දෙනා සහභාගී වූ බව ද පැවැසෙයි.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මහ ඇමැති යෝගී ආධිත්‍යනාත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ තෙරපීමට හේතුව සෙවීමට වහාම විමර්ශනයක් ආරම්භ කළ බවය. තෙරපීම හටගෙන ඇත්තේ ආගමික උත්සවය අවසන් වෙද්දී යැයි පොලිසිය පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ද මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ආගමක වහලුන් වීම තරම් මෝඩකමක් තවත් නැත. අන්තවාදී බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, වෙනත් ලබ්ධි ඔය කෝකටත් මේ සත්‍යය අදාළයි.
මරි මෝඩ ඉන්දියානුවෝ