
බිමල් ශ්‍යාමන් ජයසිංහ
බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "කැස්බෑව හල්පිට රැවුල් කුමාර" නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඉකුත් මාස තුනක පමණ කාලයක් තුළ රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා ජංගම දුරකථන 36ක් ඇතුළු උපාංග රැසක් ලබා දී ඇති බවට විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
ඒ අතර ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 16 ක් සාමාන්‍ය දුරකථන 20 ක් චාජර්, සිම්පත්, ජංගම දුරකථන මතුපිට ආවරණ ඇතුළු උපාංග රැසක් වන බව පොලිසිය කියයි.
එලෙස ලබා දී තිබූ ජංගම දුරකථන 19ක එමි අංක ද ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී මේ වන විට සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරියෙක් කීය.
ඒ බව අනාවරණය වී ඇත්තේ බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය වෙත යුක්තිය මෙහෙයුමේ විශේෂ රාජකාරී සඳහා පත්කර තිබෙන පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද් දල්පදාදු මහතා ඇතුළු කණ්ඩායමක් ඉකුත් 29 වැනිදා රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සමග මොරටුව මෙන්ඩිස් පාරේ කොණ්ඩා කපන ස්ථානයක දී අත්අඩංගුවට ගත් පානදුර පරත්ත රිව් දෙව්ගම පදිංචි 31 හැවිරිදි වියේ පසුවන කරණවැමියකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වූ බැංකු පොත් 3 ක් හා වීසා කාඩ්පත් 5 ක් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදීය.
රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලට අයත් එම බැංකු පොත්වල රුපියල් ලක්ෂ ගණන් හුවමාරු වී ඇති අයුරු සටහන්ව තිබීම සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රැවුල් කුමාර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සමීපතමයකු වන කාරණවෑමියාගෙන් සිදු කළ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම බැංකු පොත් සකසා දුන් පුද්ගලයා පිළියන්දල පදිංචි කරුවකු බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස තුනට බූස්සට ජංගම දුරකතන 36 රිංගවලා
ලසන්ත Wednesday, 03 July 2024 09:36 AM
මේවා ඉබේ පහළ වෙන්නේ නෑනේ, වැඩ කරන නිලධාරීන්ගෙන්, සේවකයින්ගෙන් හෝ අලුතින් එන රැඳවියන්ගෙන් ලැබෙන එවානේ...!