
(සනත් ගමගේ)
මහ මූහුදේ පාවූ නොහඳුනන බෝතලයක දියර පානයක් කර ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් අතරින් දැනට ගොඩබිමට ගෙනවිත් හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර ඇති ධීවර කාර්මිකයාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් එතෙක් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීම සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය දිල්හානී අමරසිංහ මහත්මිය හම්බන්තොට වරාය පොලිසියට නියෝග කළාය.
තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 04 වැනිදා ධීවර කර්මාන්තය සඳහා පිටත්ව ගිය ඩෙවෝන් 5 බහුදින ධීවර වරායේ සිටි ධිවරයන් පස් දෙනකු කිසියම් පාන වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් වී අසාධ්‍ය තත්ත්වයෙන් එක් ධීවර කාර්මිකයෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවර කාර්මිකයන් දෙදෙනා සිංගප්පූරු වෙළෙඳ නෞකාවකින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය කරා ගෙන එමින් සිටිය දී එක් ධීවර කාර්මිකයෙක් ජීවිතක්ෂයට පත්විය. එලෙස ජීවිතක්ෂයට පත් වූ තංගල්ල දංකැටිය පදිංචි ජී.එම් අජිත් කුමාර (56) යන අයගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ දී පැවැත්විණි.
මියගිය අයගේ ශරීරයේ කොටස්. අමාශයේ ඇති දියර , රුධිරය , රජයේ රස පරීක්ෂක වරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව මරණය සම්බන්ධයෙන් තීරණයක් දෙන තෙක් විවෘත තීන්දුවක් දී මරණ කරුවන්ගේ ඥාතීන්ට සිරුර භාරදීම සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොඩබිමට ගෙනා ධීවර සිරුරේ කොටස් රස පරීක්ෂකට