IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහබාගෙට සම්පූර්ණ පොලිසියක්

 

(අංජුල මහික වීරරත්න)

මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ග්‍රාම නිලධාරි වසම් අටක ජීවත් වන 50,000 කට ආසන්න ජනතාවක් සඳහා සේවා සපයනු ලබන මහබාගේ පොලිස් ස්ථානය දැනට කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි පර්චස් 21.5 ක් වූ කුඩා භුමි ප්‍රමාණයක පවත්වා ගෙන යනු ලබයි. 

එම තත්ත්වය මත රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොතිබීම, නඩු භාණ්ඩ රඳවා තැබීමට සුදුසු ස්ථානයක් නොපැවතීම, භට නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම නිල නිවාස නොතිබීම ආදී කරුණු හේතුවෙන් මහජනතාව හා සේවයේ නියුතු නිලධරයන් මහත් අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටින බව හඳුනාගෙන තිබේ. 

එබැවින් එම පොලිස් ස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් සංර්වධනය කිරීම පිණිස වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලය පූර්වයෙන් ස්ථාපිත කර තිබූ ඉඩමෙන් පර්චස් 40ක ප්‍රමාණයක් වෙන් කර දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.



අදහස් (0)

මහබාගෙට සම්පූර්ණ පොලිසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site