අයි.එම්.එෆ් දෙවන වාරිකයට කැපකිරීම් 110ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගමන ආරම්භ කර ඇත්තේ කැපවීම් 110 සමඟ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. 28 January 2024
ක්‍රිකට් තහනම ඉවතට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව තහනම ඉවත් කළ බව නිල වශයෙන් ඉදිරියේදී නිවේදනය කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 28 January 2024
සනත් නිශාන්ත සැමට සමු දෙයි ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද 28 ආරච්චිකට්ටුව රාජකදලුව ශුද්ධවු පවුලේ දේවස්ථාන සුසාන භූමියේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද සවස සිදු කෙරිණි. 28 January 2024
පාවෙන නගරය මංගල ගමන් අරඹයි ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ’අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 28 January 2024
මොනාලිසාට සුප් ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් වාර්තා වේ. 28 January 2024
ඉන්දීය කෝවිලක අනතුරක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ. 28 January 2024
චිත්‍රපට දුම්රිය කොටගල - හැටන් අතරදී පීලි පනී විදේශීය රටක චිත්‍රපටයක රූගත කිරීම් සඳහා මේ මස 24 වැනිදා සිට හෙට (29) දක්වා වෙන්කරගෙන තිබූ මැදිරි 6 ක විශේෂ දුම්රිය කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කොටගල සහ හැටන් දුම්රිය ස්ථාන අතරදී අද (28) පස්වරුවේ පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2024
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවත් සාමාන්‍ය පාර්සලයක් යන පුද්ගලයාට අවම බරක් දැණෙන ආකාරයට මෙම ගාස්තු ඉහළ දැමීම සකස් කර ඇති බවත් බණ්ඩාර මහතා කීය. 28 January 2024
එක්සත් රාජධානියේ රාජකීය නෞකාව නිල සංචාරයක එක්සත් රාජධානියේ රාජකීය නාවික හමුදාවට අයත ‘එච්එම්එස් ස්පෙයි’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (27) පෙරවරුවේ සේන්දු විය. 28 January 2024
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් බොරලැස්ගමුවේදී මාට්ටු බන්ධනාගාර නියාමකවරයෙකුගේ නමින් බොරලැස්ගමුව පිරිවෙන පාරේ නිවාස සංකීර්ණයක සුඛෝභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන ඔහු සමග එක්ව හොරයින් මත් කුඩු ජාවාරමේ නිරත වූ ’’ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ’’ බඩෝවිට ආශා’’ නැමැත්තිය අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 28 January 2024
කාන්තා හිංසන දැනුම් දීමට දුරකතන අංකයක් කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත 28 January 2024
මැතිසබේ මුල් පුටු හතකට අලුත් මුහුණු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභ හතක මුල් පුටු ( සභාපති තනතුරු) වෙනස් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 28 January 2024
ගාලු සංවර්ධනයට විශේෂ කොමිසමක් ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 28 January 2024
රතු මුහුදේ අර්බුදයෙන් කොළඹ වරායේ මෙහෙයුම් කඩිනම් කරයි මැදපෙරදිග රතු මුහුද ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුද තත්වය හේතුවෙන් කොළඹ වරායට ළගා වන නෞකාවන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ අනුව බහලු මෙහෙයුම් ධාරිතාවය ඉහළ ගොස් ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 28 January 2024
ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය. 28 January 2024
තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි. 28 January 2024
වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරගෙන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂවරයකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 January 2024
මේ විවිධ ආණ්ඩු කළ වැරදි නිවැරදි කරන යුගයයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට රුපියල් කෝටි පහක කෘෂි උපකරණ බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 28 January 2024
’ලොරෙන්සෝ පුතා ‘ යාත්‍රාව ගැන බහරේනයේ නාවික හමුදාවට කියයි අරාබි මුහුදේදී රැකියාවේ නිරත වෙමින් සිටියදී ඊයේ (27) ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගනු ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රටවල් 39 කින් සැදුම්ලත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක බහරේනයේ ඒකාබද්ධ නාවික හමුදාවට ශ්‍රී ලංකාව දැනුම් දී තිබේ. 28 January 2024
දුම්රිය ආපනශාලා හදිසි පරීක්ෂාවට දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. 28 January 2024
වත්කම් බැරකම් දෙන්න ඕන අලුත් ලැයිස්තුව මෙන්න ජනපතිවරයා අගමැතිවරයා ප්රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත 28 January 2024
හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි . 28 January 2024
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මහතා අනිද්දා(30) විශ්‍රාම යෑමට නියමිතය. ඒ නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී එදින විශේෂ උත්සවයක් පැවැත්වේ. 28 January 2024
රාජ්‍ය සේවය ගැන ඇමැති රමේෂ්ගෙන් ප්‍රකාශයක් රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය 28 January 2024
ඡන්ද දඩය ලක්ෂ දහයට නගී මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 28 January 2024
තංගල්ල ධීවර වරාය අසල කාන්තා මළ සිරුරක් තංගල්ල ධීවර වරාය අසල මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 28 January 2024
පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 28 January 2024
වැලිකඩින් පැන්න රැඳවියා පිළියන්දලින් අල්ලයි රහසිගතව භාවිතා කළ ජංගම දුරකථනයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් සිටි රැදවියකු පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 January 2024
සිසුවා දුම්රියේ ගැටෙයි මිතුරන් පිරිසක් සමග දුම්රිය මාර්ගය මත වාඩි වි කථාබස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. 28 January 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026